පකිස්ථානයට ඡය පතමු

>> Sunday, June 21, 2009

මං ගැන වැරදියට හිතන්න එපා මෙක මගේ පෞද්ගලික අදහසක්, මම හිතන්නේ අද ක්‍රිකට් තරගයෙන් පකිස්ථානය දිනුවත් එකයි අපි දිනුවත් එකයි.

ඇයි දන්නවද එහෙම කියන්නේ අපිට අද තරගය දිනන්න අවශ්‍ය වෙන්නේ වැඩි පුරම එහේ ඉන්න අපේ ඡනතාවට කොන්ද පණ ඇතිව එහේ ඡිවත් වන්නයි.

එත් පකිස්ථානයට අද තරගය තමන්ගේ ක්‍රිකට් අනාගතයේ තිරණාත්මක තරගයක්.

ඔවුන්ගේ රටෙ දි අපේ කණ්ඩායමට සිදුවු අවසනාවන්ත ප්‍රහාරයත් එක්කම ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට කණකොකා හඬන්න ගත්තා. ලොව කිසිම රටක් ඔවුන්ගේ රටට තරගයක් සදහා යැම ප්‍රතික්ශෙප කරන තත්වයට පත්වුනා. නමුත් එය සාදාරණයි කිව හැකිය, මොකද සැම කෙනෙක්ම තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවනේ.

ඒත් එ සමගම ඔවුන්ව තමන්ගේ රටවල් සදහා ආරාධන කිරිමට කිසිම බාදාවක් නැනේ, එත් දැන් දැන් එ තත්වයටත් කණකොකා හඬමින් පවතින බවයි පෙනි යන්නේ.

ත්‍රස්තවාදය නිසා අපිත් බැට කෑ රටක් එහෙත් එවැනි අසිරු තත්වයන් හිදිද පකිස්ථානය එවගේම ඉන්දියාව සමිපතම මිතුරන් ලෙසින් අපේ රටට පැමින අපිට ලොක කුසලානය දිනා ගැනිම උදෙසා අගනා මෙහෙයක් කල බව නොකිය මනාය.

එය අපි කිසි ලෙසකින් වත් අමතක නොකල යුතුය. එය අමතක කරන්න තරම් ගුණ මකු ඡාතියක් නොවන බව අපි හොදාකාරවම දනිමු.

අද ඔවුන් මුහුන පා ඇත්තේ තම ක්‍රිකට් ඡිවිතයේ සංධිස්ථානයකට යැයි කිවොත් නිවැරදිය.
ඔවුන් අද තරගය දිනුවොත් 20 යි 20 ලොක ශුරයින් ව තමන්ගේ රටට ගෙන්වා ගැනිමට නොහැකි වන කිසිම කාරනාවක් කිසිම ර‍ටකට නැත.

එහෙත් ඔවුන් අද තරගය පැරදුනොත් ඔවුන්ව ප්‍රතික්ශෙප කිරිමට නොයෙකුත් කාරණාවන් සුදු රටවල් වලට ගෙතිය හැකිය. විශෙෂයෙන්ම ඔවුන්ට ක්‍රිකට ගහන්නත් බැරිබව ඔප්පු වි ඇති බවත් පෙන්වා දිමෙනි.

මගේ රට අද තරගයෙන් ඡයග්‍රහණය කිරිම මාගේ එකම ආශාවයි
එහෙත්,
පකිස්ථානය අද තරගය ඡයග්‍රහණය කිරිම මාගේ එකම බලාපොරොත්තුවයි.

ඔබේ අවශ්‍යතාවය මගේ අවශ්‍යතාවයට වඩා උදාරතර නම්,
මගේ අවශ්‍යතාවය මම ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් කැප කරමි.

සමා වෙන්න ලක් මවුනි
පකිස්ථානයට ඡය වේවා!

11 ප්‍රතිචාර:

Kumara June 22, 2009 at 12:33 AM  

ආශාව යටපත් කරමින් බලපොරොත්තුව ඉටු උනා නේද?

nadeera June 22, 2009 at 2:07 AM  

ඔබ වැනි ශ්‍රි ලංකිකයන් බිහි විම කුසලානයක් ලැබිමට වඩා වාසනාවක්

eRanga June 22, 2009 at 5:40 AM  

Im 100% agree with u.
Thats what I also thought about.

Indranama June 22, 2009 at 7:01 AM  

සත්තකින්ම ඔබ හරි.
මේ වෙලාවේ ජයග්‍රහණය වටින්නේ අපට නොව පාකිස්තානයටයි.

Deeps June 22, 2009 at 7:24 AM  

කොහොම හරි හිතපු දේ හරිගියානේ!!

ඔයා ඔය කියනකං මම් නම් ඕක ගැන හිතුවේ නෑ. ඒත් කතාව ඇත්ත

June 22, 2009 at 4:00 PM  

හ්ම්ම්ම්
හොඳ අදහසක්

budhajeewa June 22, 2009 at 4:37 PM  

මේ ලෝකෙ ශ්‍රී ලංකාවට ඉන්න මිතුරන් අතලොස්ස අතුරින් පකිස්ථානයක එක් රටක්.

Unknown June 22, 2009 at 4:49 PM  

පැරදුන හින්දා කියනවා නෙමේ ඔබේ අදහස නම් ගොඩක් වටිනවා.පාකිස්තානයට සුභ පැතුම්.ඒ වගේම අපගේ ක්‍රිකට් වීරයන්ටත් සුභ පැතුම්.

චමිදේවා June 22, 2009 at 9:27 PM  

මොනවා උනත් ලෝක සූරයන් ඉස්සරලාම එන්නෙත් අපිව මුනගැහෙන්න නේ....

නුවන්සි June 24, 2009 at 9:06 AM  

Kumara, nadeera, eRanga, පුවින්, deeps, ම, supun, චම්පික, චම්,
ඔයාල ඔක්කොටම ස්තුතියි අදහස් දැක්වුවාට, සහ කරුණු තේරුම් ගත්තාට, මම හිතුවේ නොසැහෙන්න අහගන්න වෙයි කියලා,
මොකද දැනටමත් මම හොදට අහගෙන ඉන්නේ අපේ‍ ගෙදරින් පවා
සමාවෙන්න ස්තුති කරන්න පරක්කු වුනාට ටිකක් වැඩ රාඡකාරි අධික වුනා
කොහොමත් ඔන්න දැන් 20යි 20 ලොක ශුරයින් ලංකාවට ආවා. කළගුණ සලකන්න
දිනන්නම ඔනේ නම් අපේ අයට දැන් පුළුවනි වැඩ පෙන්නන්න
එත් මම කියන්නේ දැන්මම එයාලව නොන්ඩි නොකර අපේ නම්බුවත් තියාගෙන එයා‍ලගේ නම්බුවත් බෙරුනොත් ලොකු දෙයක් කියලා.

දුකා July 1, 2009 at 1:32 AM  

පරාජයේ මූනත් වටිනාකමට වැඩි ජයක් අපි ලබා ගත්තා කියලයි මට හිතුනේ . .

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP