Showing posts with label රණ්විරු තොරතුරු. Show all posts
Showing posts with label රණ්විරු තොරතුරු. Show all posts

මොහොතක් සිතන්න

>> Friday, January 22, 2010

මොහොතක් සිතන්න




* 2004 දි ඔබගේ වටිනා ඡන්දයෙන් මහින්දයන් ඡයග්‍රහණය නොකළා නම්,

අපි තවමත් එක්කෝ යුද ගිනි මැද නැතිනම් කොටින්ට යටත්ව දුක් විදින , දීන ඡාතියක්



* පාර්ලිමෙන්තුව අස්ථාවර වි රඡය බිද වැටුනි නම්,

අපි තවමත් එක්කෝ යුද ගිනි මැද නැතිනම් කොටින්ට යටත්ව දුක් විදින , දීන ඡාතියක්



* මානව හිමිකම් ගැන කියමින් බොරු සුදු වැන් මවා පාමින් (එවා කලේ කවුදැයි දැන් රටම දනි)

මාධ්‍ය නිදහස ගැන උද්ගොෂණ කරමින් (සුනන්ද දෙශප්‍රිය ලාගේ වැඩ ගැන හැමොම දැන් දනි)

ඡනතාව රවටා සියල්ල කණපිට හැරවිමට ගත් උත්සහයන් සාර්ථක වුනි නම්,

අපට ඡිවත් විමටවත් රටක් නොමැති විමට ඉඩ තිබිනි.



* යු ඇන් පී යෙන් ආ මන්ත්‍රි වරුන්ට ඇමති කම් නොදුන්න නම්,

යු ඇන් පීය නඩු මගට බැස ඔවුන්ගේ මන්ත්‍රිකම් අහොසි කර යලිත් ඔවුන්ගේ අයවලුන්ම පත්කරගනිමින් රඡය අස්ථාවර කර යුද්ධය කඩාකප්පල් කිරිමට ඉඩ තිබිනි

එහෙත් ඇමැති කම් ලබා දිමෙන් ඇමති වරප්‍රසාද යටතේ නඩු කියා මන්ත්‍රකම් අහොසි කල නොහැක.

එම නිසා ඡනතාව රැවටිමට ලොකයේ වැඩිම ඇමති මණ්ඩලය යැයි පතුරමින් ඡනතාව අතර රඡය අප්‍රසාදයට ලක් කිරිමට ඔබත් හවුල් වෙනවාද?



එදා වගේම අදත් මෙ කපටි වංචනිකයින්ට රැව‍ටි ඔබ රට විනාස කරනවාද?

එදා නොරැවටුන ඡනතාව අද රැවටෙනවාද?



මෙ රට ඔබේ රටයි, ඔබේ දුවගේ පුතාගේ රටයි, රටේ මතු පරම්පරාවෙම රටයි,

එය විනාශ කිරිමට අපට අයිතියක් නැත

යලිත් යුද ගිනි ඇවිල විමට උඩගෙඩි නොදෙන්න. ඒ පාප කර්මයෙන් ඔබවත් නිදහස් වෙන්න



මහින්ද හොරකම් කලත් (තවම කර නැත නමුත් ඔවුන්ම කියන පරිදි)

ඒ වැඩිම වුනොත් තව අවුරුදු 6 කටයි,

නමුත් නිර්පාක්ෂිකයා ඡනාඨිපති වුවහොත් අපිට ඡිවත් විමට වත් රටක් නැති වෙයි

යුද ගිනි යලි ඇවිලෙයි. බොම්බ පිපිරෙයි 88-89 භිෂණ යුගය යලි ඇතිවෙයි



නිර්පාක්ෂිකයා දිනුවත් නැතත් ඔවුන් ට ලොකය හමුවේ කියන්න දෙයක් තිබේ

එනම් මෙ රටේ මෙ පමන ඡනතාවක් අපිට ඡන්දය දි ඇත. එනම් මෙපමණ ඡනතාවක් මෙ රට බෙදා වෙන්කිරිමට

ඊළම් ලබා දිමට කැමතිය අපි ඔවුන්ගේ ඡන්දය ඉල්ලුවෙ මෙයටය එයට සාක්ෂි ලෙස තානාපති වරුනුත් ඇත.



නිර්පාක්ෂික අපෙක්ෂකයා වග කියන පක්ෂයක් නැත, පාර්ලිමෙන්තුවක් නැත, ඡනතාවක් නැත.

අඩුම තරමේ ඔහු ඔහුටවත් වග කියන්නේ නැත

එහෙයින් අවසානයේදි ඔහු ‍ඉතාමත් ලෙහෙසියෙන්ම සියලු වරදින් නිදහස් වනු ඇත.

මෙයට සහයොගය දුන් නොදුන් සියලුම ලක් වැසි ඡනතාව මෙයින් තව අවුරුදු 30 - 40 ක් දුක් විදිනු ඇත.



මඩ ගැසිම අවශ්‍ය නැත. අපි දෙදෙනාටම ගරු කරනවා යැයි කට පියන් සිටිමෙන්ද පලක් නැත

අපිනම් ඡන්දෙ දාන්නේ නැතැයි සිටිමෙන් ද , කවුරු ආවත් අපිට ඇති සෙතක් නැතැයි සිතිමෙන් ද පලක් නැත.

මක් නිසාද යත් යලි බොම්බ පිපිරි පාරෙ යන්න එන්න බැරි තත්වයක් උදාවිමට කවුරුත් අකමැති බැවිනි.



බුද්ධිමත් ව සිතන්න

මෙ අවසාන අවස්ථාව බව තරයේ මතක තබා ගන්න.

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැකිය

තිරණය ඔබ අතේය.

Read more...

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්.... war hero's

>> Saturday, June 20, 2009

මෙ මට ඊමෙලයකින් ආ පිංතුරයක්, ඒත් මෙහි සැගවුණු යමක් තිබෙන නිසා මගේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුනා.



මේ ලංකාවේ නැගෙනහිර, මුලතිව් ඉදිරි ආරක්ෂක සිමාවේ අවසන් ගැටුම් ඇතිවුන වෙලාවයි. ‍
මේ කිසි ලෙසකින් වත් විනාශ කළ නොහි මහා ත්‍රස්ථවාදි කණ්ඩායමක් ලෙස නම් දැරුවන්, දස දහසක් අහිංසක සිවිල් වැසියන්ගේ ඡිව්ත විනාශ කළත් තමන්ගේ ඡිවිතයද අහිමි වන ලකුණු දැක අවසන කෙසේ හෝ තම ඡිවිතය බෙරා ගැනිමෙ අටියෙන් ඔවුන් සතු අති මහත් අවි ආයුධ ගිනි ගසා ඒ ගිනි මතින් පැන යාමට දැරු ළාමක උත්සාහයේ අවසන් මොහොතයි.

අහිංසක සිවිල් ඡනතාව මිනිස් පළිහක් සේ තබා ගනිම්න් ඒ තුලින් තම ඡිවිතය ආරක්ෂා කර ගන්නට සිතු ඊනියා කොටි ත්‍රස්තයින් අවසන එ අහිංසක ඡනතාව රැදි සිටි බිමෙ මෙලෙස ගිනි අවුළුවා දැම්මෙය.

මෙ ඔබ දකින්නේ එ අවස්ථාවේ එහි සිරවු අසරණ කුඩා දරුවෙකු එ ගිනි කඳ මැදින් ආරක්ෂිතව රැගෙන එන අපගේ විරොදාර රණවිරුවෙකුගේ ඡායාරුපයයි. එ කුඩා දරුවාට පියෙකුගේ උනුසුම මෙ සෙබළාගෙන් ලැබෙන බව එ දරුවා සිටිනා නිදහස් සුවපහසු ඉරියව්වෙන්ම මොනවට පැහැදිලි වේ.

පලස්තිනයේ අහිංසක දරුවන් අකුරු කරනා පාසල් වලට සුදු ෆොස්ෆරස් නම් යුද නීතියේ තහනම් අවි වලින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරිම මානුෂීය මෙහෙයුමක් වු බටහිරයින්ට,
අප රටේ රඡයේ හමුදාව මෙවැනි අහිංසක ඡනතාවක්, කුරිරු ත්‍රස්තයින්ගේන් බෙරා ගැනිම යුද අපරාදයක් වුයේ ඇයි දැයි අපි නොදනිමු.

සියල්ල මිල මුදලට යටවු සමාඡයක මනුස්ස කම අගයන යුදහමුදාවක් කෙසේ නම් දකින්නද?

එහෙත් එ දුර්ලභ ගනයේ යුද හමුදාව අපේ රටෙ සිටිනා බව, කෑගසා ලොවට කියන්නට ඇත්නම්, මා එය කරන්නේ, එ මා වැන්නෙකුට ඔවුන් හට කළ හැකි උසස්ම උපහාරය එ මගින් හො සිදු කිරිමටය.

දයාබර හමුදා සොයුර ඔබ වැන්නවුන් ඡිවත් වන මෙ මහ පොළව මට මහා සුවයකි.
ඔබගේ ලේ දහරා, ඡිවය පුද කළේ අපි වෙනුවෙන්ම නො‍ව, ඔවුන්, අප ඇතුළු මෙ සියළු දැයේ දුවා දරුවන් වෙනුවෙනි.
අපි වෙනුවෙන් ඔබ හෙළු එ ලේ දහරාව, අවසන් සුසුම් වැල් වෙනුවෙන් ඡාති ඡාතිත් අප නුඔලාට ණය ගැතිය.
මියගියේ නුඔලා නොව, මිල මුදලට රට පාවා දුන් දෙශදොහින්මය.
ඔබ සියළු දෙනාහටම මතු පතනා බොධියකින් උතුම් වු නිර්වාණ ධාතුව අවබොධ කර ගැනිමට, රට ඡාතිය බෙරා ගත් කුසල ශක්තියම හේතු වාසනා වේවා.

Read more...

කොටි හිතවාදි බියගුළු ප්‍රහාර අභිමුව

>> Sunday, May 17, 2009

මා මීට කලින් පලකල ලිපියකදි පැවසුවේ කොටි නායක වෙළුපිල්ලේ පිරභාහරන් මිය ගිය පුවතයි.
එහේත් එය දුටු විගස මුගුරෙන් පහර කෑ නයින් මෙන් කිපුණු ඇතම් කොටි හිතවාදින්, වාචික හා ලිඛිතව මට පහර ගැසිමට පටන් ගෙන ඇත.
තව අය පවසන්නේ බොරු ඇද නොබාන ලෙසය.
බොරුවකට මෙතරම් කිපෙන මෙ අය සත්‍ය අභියස දි කෙතරම් කිපෙවිදැයි සිතාගැනිමටවති නොහැකිය.
ඔවුන්ගෙ බොරුව හ ඔවුන්ගේ කෙන්තිය ඔවුන් ලගම තබා ගැනිමට ඉඩ තබමින් මා පවසන්නේ පැවසු දේය සත්‍යක් බවයි.
ඔවුන්ගෙ ඩොලර් මොළවලට නොතෙරුනාට එය කරන්නට දෙයක් නැත.
ප්‍රභාකරන් මිය යැම සතුටු වන්නට කාරනාවක් නොවුනත් ඔවුන් අඩුම තරමේ මෙ රටෙ නිදහස් විම ගැනවත් සතුටු නොවිම ගැන ඇත්තටම කනගටුවට කරුනකි.
කෙනෙකු පවසන්නේ මා එය පැවසිමට ඉක්මන් වුවා වැඩි බවය. එයට යම් කිසි කොටි හිතවාදි වාහිනියක්ද ඈදා ඇත.
ඔහු තවත් පුන පුනා කියන්නේ එය එසේ සිදු නොවුන බවය, ඔහු එතරම් වුවමනාවෙන්ම තම අදහස ක්‍රියාත්මක කරවන්නට උත්සහ දරන්නේ ඇයි දැයි නොදනි, මා ඔහු පැවසු කොටි නාළිකාව මෙන්ම පළමු තැන ගැනිමට සැරසෙනවානම්, ටිකක් ඉවසිමෙන් නොසිට, මෙලෙස තව මොහොතක් හෝ සයිබර් අවකාශයේ හෝ කොටියා ජිවත් කරවීමට වැරවිරිය දරන්නේ ඇයි දැයි ප්‍රශ්ණ කළ යුතුය.

කෙසේ වෙතත් පැවසිමට ගොඩක් දෙ තිබුනත් එය දැන්ම නොපැවසිය යුතු බව මාහටද දැන් සීති හමාරය.
එ අන් කරුණක් නිසා නොව මේ කොටි අන්තවාදින්ගේන් විරොදාර රණවිරුවන් ගෙන යන මෙ උතුම් වැඩපිළිවළට යම් හෝ බාධාවක් ඇති වෙයැයි සිතුන නිසාය.
මා නැවතත් කියමි, මා උත්සහ කළේ නිදහසේ සතුට අන් අය සමග බෙදා ගැනිමටයි. පිරභාහරන් ලාට කඩේ යන අයට ඩෝන් ගියාට කළ හැකි දෙයක් නොමැත.
දැන් වත් අකුලගෙන වෙන රටක යුද්ධයකට බැන අඩගහන්න ගියොත් හොදය.

Read more...

රණබිම මැරුණේ සිංහලයකු නම්

රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ

මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ




Read more...

මානුෂීය මෙහෙයුම අවසන්ය.

මානුෂීය මෙහෙයුම අවසන්ය. දැන් ඇත්තේ ආර්ථික මෙහෙයුමයි.

මගේ ජිවිතයෙන් වැඩි හරියක් ගෙවුනේ මෙ යුධ මානසිකත්වය පිරුණු රටෙයි.

අද සිංගප්පුරුවෙ තරුනයො රු පන් හය දාහ වියදම් කර ඇදුම් පැලදුම් ගනිද්දි,
අපි පිටකොටුවෙ පදික වෙදිකාවෙ පොරකමින් රුපියල් සියයට දෙසියට ඇදුම් සොයති.

එදා සිංගප්පුර්වේ වැසියන්, අපි අපේ රට ශ්‍රි ලංකාවක් කරමු යැයි පැවසුවේ එදා අපේ රටෙ තත්වය කෙතරම් ඉහලද යන්න අපිට වඩා ඔවුන් දන්නා නිසාය.

එහෙත් අද අපිට ඔවුන්ට ලංවීමටවත් නොහැකිය. එහෙත් තවමත් අපි ප්‍රමද නැතිය.

දැන් ප්‍රභාකරන් මිය ගිහින්ය. තව නොබොදිනකින්ම ඉතිරි කොටි ත්‍රස්තයින්ගේද අවසානය සිදුවෙවි.

ඉන්පසු අපිට යළිත් නිදහස් නිවහල් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකිය, අවශ්‍ය වන්නේ කැපවීම හා උවමනාව විතරයි.

Read more...

අද උදේ වරුවෙදි ප්‍රභාකරන් මිය ගොස් ඇත.

දැන් වෙලාව නම් උදැසන් හයට විතර ඇති.

යුධ මුක්ත කලාපයේන් මෙ දැන් ලැබුනු ආරංචියකට අනුව ඊයේ සවස සිදු කළ දරුණු මෙහෙයෙමුකින් අනතුරුව මෙ මිලෙච්ජයා මරා දැමිමට අපේ විරොදාර රණවිරුවන්ට හැකි වු බවයි.

තව දුරටත් අපේ රටට හොට දැමු අන්තර්ජාතික ප්‍රජාව තව දුරටත් අපේ රටෙ මිනිස්සු කනවද බොනවද කියා සොයා බලයිද?
එය එසේ සිදු නොවන්නේ ඔවුන්ගේ සිහින රාජ්‍යය දැන් වියකි ගොස් හමාරය.

ජාතිවාදය අවුලමින්, ආගම් වාදය අවුලමින්, මෙ රටෙ වැදගති බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින්,
මෙ මිලෙච්ජ NGO සහ අන්තර්ජාතික ප්‍රජාව ගෙන ගිය ත්‍රස්ථවාදය තවදුරටත් මෙහි නැත.

දැන් ඔවුන්ට ඊළම සැදිමට ඉතිරිව ඇත්තේ, නොර්වේ, බ්‍රිතාන්‍ය , අමෙරිකාව හො ප්‍රංශය යි.

ඔවුන්ට අපි ඉතසිතින් සුබ පතමු. නොර්වේ, බ්‍රිතාන්‍ය , අමෙරිකාව හො ප්‍රංශයේ දි ඔවුන්ගේ සිහින ඊළාම් දෙශය ගොඩනැගිමට හැකියාව ලැබෙවා.

Read more...

ප්‍රභාකරන් මිය යයි.

සුබ අනාගතයකට සැමදෙනාටම සුබ පතමින්, තවත් එක් අලුත් ශ්‍රි ලංකාවක් බිහිවෙන මේ මොහොතේ,
ඔබ සැමට මාහට පවසන්න ඇත්තේ මෙ මොහොත වන විට ප්‍රභාකරන් නැමැති ඒ මිලෙජ්ජයා මිය ගොසි ඇති බවයි.

යුධ මුක්ත කලාපයේන් මෙ දැන් ලැබුනු ආරංචියකට අනුව ඊයේ සවස සිදු කළ දරුණු මෙහෙයෙමුකින් අනතුරුව මෙ මිලෙච්ජයා මරා දැමිමට හැකි වු බවයි.

Read more...
Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP