කොටි හිතවාදි බියගුළු ප්‍රහාර අභිමුව

>> Sunday, May 17, 2009

මා මීට කලින් පලකල ලිපියකදි පැවසුවේ කොටි නායක වෙළුපිල්ලේ පිරභාහරන් මිය ගිය පුවතයි.
එහේත් එය දුටු විගස මුගුරෙන් පහර කෑ නයින් මෙන් කිපුණු ඇතම් කොටි හිතවාදින්, වාචික හා ලිඛිතව මට පහර ගැසිමට පටන් ගෙන ඇත.
තව අය පවසන්නේ බොරු ඇද නොබාන ලෙසය.
බොරුවකට මෙතරම් කිපෙන මෙ අය සත්‍ය අභියස දි කෙතරම් කිපෙවිදැයි සිතාගැනිමටවති නොහැකිය.
ඔවුන්ගෙ බොරුව හ ඔවුන්ගේ කෙන්තිය ඔවුන් ලගම තබා ගැනිමට ඉඩ තබමින් මා පවසන්නේ පැවසු දේය සත්‍යක් බවයි.
ඔවුන්ගෙ ඩොලර් මොළවලට නොතෙරුනාට එය කරන්නට දෙයක් නැත.
ප්‍රභාකරන් මිය යැම සතුටු වන්නට කාරනාවක් නොවුනත් ඔවුන් අඩුම තරමේ මෙ රටෙ නිදහස් විම ගැනවත් සතුටු නොවිම ගැන ඇත්තටම කනගටුවට කරුනකි.
කෙනෙකු පවසන්නේ මා එය පැවසිමට ඉක්මන් වුවා වැඩි බවය. එයට යම් කිසි කොටි හිතවාදි වාහිනියක්ද ඈදා ඇත.
ඔහු තවත් පුන පුනා කියන්නේ එය එසේ සිදු නොවුන බවය, ඔහු එතරම් වුවමනාවෙන්ම තම අදහස ක්‍රියාත්මක කරවන්නට උත්සහ දරන්නේ ඇයි දැයි නොදනි, මා ඔහු පැවසු කොටි නාළිකාව මෙන්ම පළමු තැන ගැනිමට සැරසෙනවානම්, ටිකක් ඉවසිමෙන් නොසිට, මෙලෙස තව මොහොතක් හෝ සයිබර් අවකාශයේ හෝ කොටියා ජිවත් කරවීමට වැරවිරිය දරන්නේ ඇයි දැයි ප්‍රශ්ණ කළ යුතුය.

කෙසේ වෙතත් පැවසිමට ගොඩක් දෙ තිබුනත් එය දැන්ම නොපැවසිය යුතු බව මාහටද දැන් සීති හමාරය.
එ අන් කරුණක් නිසා නොව මේ කොටි අන්තවාදින්ගේන් විරොදාර රණවිරුවන් ගෙන යන මෙ උතුම් වැඩපිළිවළට යම් හෝ බාධාවක් ඇති වෙයැයි සිතුන නිසාය.
මා නැවතත් කියමි, මා උත්සහ කළේ නිදහසේ සතුට අන් අය සමග බෙදා ගැනිමටයි. පිරභාහරන් ලාට කඩේ යන අයට ඩෝන් ගියාට කළ හැකි දෙයක් නොමැත.
දැන් වත් අකුලගෙන වෙන රටක යුද්ධයකට බැන අඩගහන්න ගියොත් හොදය.

Read more...

රණබිම මැරුණේ සිංහලයකු නම්

රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ

මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ




Read more...

මානුෂීය මෙහෙයුම අවසන්ය.

මානුෂීය මෙහෙයුම අවසන්ය. දැන් ඇත්තේ ආර්ථික මෙහෙයුමයි.

මගේ ජිවිතයෙන් වැඩි හරියක් ගෙවුනේ මෙ යුධ මානසිකත්වය පිරුණු රටෙයි.

අද සිංගප්පුරුවෙ තරුනයො රු පන් හය දාහ වියදම් කර ඇදුම් පැලදුම් ගනිද්දි,
අපි පිටකොටුවෙ පදික වෙදිකාවෙ පොරකමින් රුපියල් සියයට දෙසියට ඇදුම් සොයති.

එදා සිංගප්පුර්වේ වැසියන්, අපි අපේ රට ශ්‍රි ලංකාවක් කරමු යැයි පැවසුවේ එදා අපේ රටෙ තත්වය කෙතරම් ඉහලද යන්න අපිට වඩා ඔවුන් දන්නා නිසාය.

එහෙත් අද අපිට ඔවුන්ට ලංවීමටවත් නොහැකිය. එහෙත් තවමත් අපි ප්‍රමද නැතිය.

දැන් ප්‍රභාකරන් මිය ගිහින්ය. තව නොබොදිනකින්ම ඉතිරි කොටි ත්‍රස්තයින්ගේද අවසානය සිදුවෙවි.

ඉන්පසු අපිට යළිත් නිදහස් නිවහල් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකිය, අවශ්‍ය වන්නේ කැපවීම හා උවමනාව විතරයි.

Read more...

අද උදේ වරුවෙදි ප්‍රභාකරන් මිය ගොස් ඇත.

දැන් වෙලාව නම් උදැසන් හයට විතර ඇති.

යුධ මුක්ත කලාපයේන් මෙ දැන් ලැබුනු ආරංචියකට අනුව ඊයේ සවස සිදු කළ දරුණු මෙහෙයෙමුකින් අනතුරුව මෙ මිලෙච්ජයා මරා දැමිමට අපේ විරොදාර රණවිරුවන්ට හැකි වු බවයි.

තව දුරටත් අපේ රටට හොට දැමු අන්තර්ජාතික ප්‍රජාව තව දුරටත් අපේ රටෙ මිනිස්සු කනවද බොනවද කියා සොයා බලයිද?
එය එසේ සිදු නොවන්නේ ඔවුන්ගේ සිහින රාජ්‍යය දැන් වියකි ගොස් හමාරය.

ජාතිවාදය අවුලමින්, ආගම් වාදය අවුලමින්, මෙ රටෙ වැදගති බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින්,
මෙ මිලෙච්ජ NGO සහ අන්තර්ජාතික ප්‍රජාව ගෙන ගිය ත්‍රස්ථවාදය තවදුරටත් මෙහි නැත.

දැන් ඔවුන්ට ඊළම සැදිමට ඉතිරිව ඇත්තේ, නොර්වේ, බ්‍රිතාන්‍ය , අමෙරිකාව හො ප්‍රංශය යි.

ඔවුන්ට අපි ඉතසිතින් සුබ පතමු. නොර්වේ, බ්‍රිතාන්‍ය , අමෙරිකාව හො ප්‍රංශයේ දි ඔවුන්ගේ සිහින ඊළාම් දෙශය ගොඩනැගිමට හැකියාව ලැබෙවා.

Read more...

ප්‍රභාකරන් මිය යයි.

සුබ අනාගතයකට සැමදෙනාටම සුබ පතමින්, තවත් එක් අලුත් ශ්‍රි ලංකාවක් බිහිවෙන මේ මොහොතේ,
ඔබ සැමට මාහට පවසන්න ඇත්තේ මෙ මොහොත වන විට ප්‍රභාකරන් නැමැති ඒ මිලෙජ්ජයා මිය ගොසි ඇති බවයි.

යුධ මුක්ත කලාපයේන් මෙ දැන් ලැබුනු ආරංචියකට අනුව ඊයේ සවස සිදු කළ දරුණු මෙහෙයෙමුකින් අනතුරුව මෙ මිලෙච්ජයා මරා දැමිමට හැකි වු බවයි.

Read more...

අම්මා කෙනෙකුගේ ශාපය

>> Wednesday, May 13, 2009

මේ තවත් එක් සත්‍ය කතාවකි,
සිදුවුනේ නුවර කොළඹ බස් රථයකදි.
අම්මා කෙනෙක් තම දරුවෝ දෙන්නා සමග බසයට ගොඩ වුනේ ගුවන්තොටුපලට යැමටයි. එ තමන්ගේ එක දරුවකු පිටරටකට රැකියාවකට යැමට පිටත් කර හැරිමටයි.
නිට්ටඹුව හංදියේදි කිහිප දෙනෙක් පැවසුවේ,

"අම්මේ මෙතනින් බැහැගන්න කොළඹටම යන්න ඕන වෙන්නේ නැ, මෙහෙන් කෙලින්ම ගුවන්තොටුපොලට යන්න පුළුවනි" කියාය.

කොළඹට ගියත් එ දුරම යලිත් වත්තල ජා-ඇළ පසු කරමින් එන එක තෙරුමක් නැති නිසා අම්මාද දරුවන් දෙදෙනා සමග බසයෙන් බැසිමට සුදානම් විය.

ඇය මේ ගමන යැමට රුපියල් හත්සීයයක් මේ වනවිට කොන්දොස්තර මහතා වෙත බාර දි තිබිනි. සැනෙකින් එය මතක් විමෙන් ඇය එ බව කොන්දොස්තර තැනගෙන් විමසා සිටියහ.

තම බසය ඇතුලේදි අහිංසක දුප්පත් අම්මා කෙනෙකු ගැන තියා දෙවියන් වහන්සේ ආවත් සැලකිල්ලක් නොදක්වන මේ කොන්දොස්තර තැන් රුපියල් අටක් වැනි සුලු මුදලක් ඇයගේ අත ගන්වා යන්න ගියාය.

සිදුවු දෙයින් අන්දුන් කුන්දුන් වු ඇය අසා සිටියේ ,

"මා ඔබට දුන්නේ කොළඹට යන්න අවශ්‍ය මුදලයි, එත් දැන් මම මගින් බහින්නයි හදන්නේ ඉතින් මිට වඩා වැඩි මුදලක් මට ලැබෙන්න ඕනා නෙදැයි", ලෙසය.

ඇයගේ ඉතිරි මුදලත් අතපසු කළ කොන්දොස්තර තැන මගින් බසින අම්මට නිවැරදි මුදල ලබා දෙයැයි කිසිවකු හෝ විශ්වාස නොකළහ.

කිසිවක් කරකියා ගත නොහැකි වු අම්මාට දහසකුත් දෙවල් සිතෙන්නට ඇත.
ගෙවල් උකස් කරමින් රටටම ණය වෙමින් මෙ අම්මා, තම දරුවා පිටරට යැවිමට උත්සහ දරන්නේ, අති සුඛොපබොගි ජිවතයක් ගතකිරිමට නොව කාටවත් අතනොපා ජිවත් විමටය. එහෙත් මෙ අසාධාරණ ලොකයේ සිදුවන දේ ගැන කියනට කෙනෙක්, අසනට කෙනෙක් නැති බව ඇය හොදාකාරවම දනි.

අවසනදි ඇයගේ කටින් පිටවුයේ මෙපමනකි.

"අනේ දෙවියනේ දුප්පත් අපෙන් මෙහෙම සල්ලි මංකොල්ල කන මුන්ට නම් හොදක් වෙන්න එපා, දුප්පත් මගෙන් සල්ලි උදුරා ගත්ත මුන්ට කොළඹට නම් යන්න ලැබෙන්න එපා"

මෙය ඇසු කොන්දොස්තර සමචල් සිනාවකින් මුව සරසාගෙන උජාරුවෙන් රියදුරු අසුන ලගට ගොස් රියදුරු තැනගෙන් විමසුවේ,

"අපිට කොළඹට යන්න බැරි වෙයිද" යනුවෙනි.

මහා ලොකු වීරක්‍රියාවක් සිදු කලාක් මෙන් හැසුරුනු ඒ කොලු ගැටයා එසේ ඇසුවේ වෙන කිසිවක් නිසා නොවන බව හැම කෙනෙකුටම අවබොධ විය.

එනම් තම හිතේ ඇතිවු බිය දුරුකර ගැනිම සදහා, තම බසයේ කිසිදු හෝ කාර්මික දොෂයක් නැති බවට සැක හැර දැන ගැනිමට හා එ තුලින් ඇයගේ වාක්‍ය අවතක්සේරුවට හා සමච්චලයට ලක් කිරීමටත්ය.

එහෙත් ඔහු සිතු දේ නම් සිදු වුයේ නැත. ඇය පසු කර තවත් බස් නැවතුමක දුරක් වත් අපට යාගත නොහැකි විය. හදිසියේ ඇතිවු කුමක්දෝ කාර්මික දොෂයක් හෙතුවෙන් බසය හිටි හැටියේම මහ පාරෙ නතර විය.

සිදුවු දේයින් අන්දුන් කුන්දුන් වු මගින් එකිනෙකාගෙ මුහුනු බලගත්හ.
තම ගමනාන්තයට හැකි ඉක්මනින් යැමට සැවොම කැමති වුවත් දැන් කිරිමට දෙයක් නොමැත.

ආගමක් දහමක් නැති අශිලාචාරයෙකුගේ වැඩක් නිසා, අම්මා කෙනෙකුගේ සාපයට බසයේ සිටි සැවොම ලක් විය.
හැමගේ පැසසුමට ලක්වුයේ බසයට සිදුවු හානිය මිසක් මගින්ට කිසිම හානියක් සිදු නොවිම පිළිබදවය.

මෙය කුමනාකාරයේ අදෘශමාන බලවෙගයක් විසින් සිදුකල දෙයක් දැයි අපි නොදනිමු.
එහෙත් එකක් නම් සැක හැර කිව හැකිය.

තමන් කල පවු සොදාහැරිමට නම් බැරිය. එවාට සොබාදහම විසින් නිසිකලට නිසිවිදිහට දඩුවම් පමුණුවනවා ඇත.

පසු සටහන:

සැම බසයකම සිදුවන අකටයුතුකම් වලට ඉදිරිපත් විමේ අයිතිය ඔබට ඇත.
එ වෙනුවෙන් නොබියව කථා කරන්න ලැජ්ජා නොවන්න. ලැජ්ජා විය යුත්තේ ඔවුන් මිසක් අප නොවේ.

මතක් කර ඉතිරි මුදල් නැවත ඉල්ලා ගන්න.
රුපියලක් දෙකක් ඔබට සුලු මුදලක් වුවාට එම රුපියලෙන් ජිවිතය ජිවත් කරවන අය මෙ පොලොවේ ජිවත් වෙති.
අද ඔබ එ වෙනුවෙන් ඉදිරිපත් නොවුනහොත් එම හොරුන් එය ප්‍රයොජනයට ගෙන අසරණයන් පෙලිමට වැඩියෙන් උත්සහ ගනිති.
හොරුන් සිතන්නේ "එයත් මොකුත් කිවේ නැ, මෙයත් මොකුත් කිවේ නැ, එක නිසා මෙයාටත් වැඩෙ කරමු." කියාය.

සුලු දෙයටත් වැඩවර්ජන කරන ඔවුන් ජිවත් වන්නේ අපි නිසාය, එහෙයින් අපේ අයිතිය වෙනුවෙන් අපි එකාවන්ව පෙළගැසෙමු.

Read more...

මොකද්ද මේ TeamViewer කියන්නේ?

>> Sunday, May 10, 2009

ඇත්තම කිවුවොත් මට වින්ඩොස් අමතක කරන්න බැරි එක හෙතුවක් තමයි මේ TeamViewer කියන්නේ.

මොකද්ද මේ TeamViewer කියන්නේ?





TeamViewer කියන්නේ ඉතාමත්ම සරලව පරිගණක දෙකක් අතර සම්බණ්ධතාවක් සිදු කල හැකි වැඩසටහනකි.


මේ මගින් ඔබට ඕනැම පරිගණකයට අන්තර්ජාලය හරහා ඉතාමත් ලෙහෙසියෙන් හා ඉක්මනින් සම්බණ්ධ විය හැකිය.
එහිදි ඔබට එම පරිගණකය ඔබ ඒ ලග සිටිනවා සේ පාලනය කල හැකිය(Remotly Controll).
ප්‍රධානම කාරණාව නම්, ඔබට එහි firewalls, IP addresses or NAT ගැන තවදුරටත් වද වෙන්න අවශ්‍ය නොවිමයි.


TeamViewer ස්ථාපනය කිරිම හා භාවිතයේදිද, මේ හා සමාන අනෙක් මෘදුකාංග සමග ගත් කල TeamViewer ඉතාමත් පහසුවෙන් ස්ථාපනය කිරිමට හා භාවිත කිරිමට පුලුවන.




TeamViewer භාවිතයේන් ඔබට ඔබගේ ඕනැම ලිපිගොනුවක් පරිගණක දේකක් අතර හුවමාරු කරගත හැකිය.


ඔබගේ බහුමධ්‍ය ඉදිරිපත් කිරිමක් කිරිමට මින් ඉදිරියට, දුරුකතර ගෙවා යැමට අවශ්‍ය වන්නේද නැත. TeamViewer මගින් ඔබට ඔබගේ කාර්යාලිය ඉදිරිපත් කිරිම්, ඔබගේ පාරිභොගිකයින්ට කාර්යාලයේ සිටම පහසුවෙන්ම පෙන්වා දිය හැකිය.






ඒසේම තොරතුරු තාක්ෂණයේ යෙදෙන්නන්ට ඉතාමත්ම ලෙහෙසියෙන් තමන්ගේ නිෂ්පාදනයක ඇතිවු ගැටලු සහගත තත්වයන්ට පාරිභොගියන් වෙතට නොගොස්, ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ දෝෂ නිරාකරණය කළ හැකිය.





ඒලෙසම ඔබ නිවාඩු දිනකදි ඇතිවු හදිසි අවශ්‍යතාවයක් මත ඔබගේ කාර්යාලීය පරිගණකයේ ඇති යම්කිසි මෘදුකාංගයක් ක්‍රියාකරවිමට අවශ්‍ය වුවහොත් TeamViewr VPN සේවාව හරහ ඔබට එය ඉතාමත් ලෙහෙසියෙන්ම සිදු කළ හැකිය.

ඇත්තටම VPN තියෙන්නෙ ගොනු හුවමාරු කිරිමට නෙමෙයි. මේකේ VPN එකෙන් ගොනු හුවමාරු කරනවට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්
VPN වලින් කරන්නේ දුරස්ථ පරිගනකයේ ඇති මෘදුකාංග ක්‍රියා කරවීම.

උදා:
දුරස්ථ පරිගණකයේ තිබෙන යම්කිසි විශෙෂිත වු මෘදුකාංගයක් ක්‍රියාත්මක කර වීමට අපිට අවශ්‍ය යයි සිතමු, (Accounting pkg එක ගෙදර ඉදන් ක්‍රියාකරවීම)
මෙහි ඇති VPN වරණය තොරන්න. එවිට සාමාන්‍ය වින්ඩොස් explore සේ කවුළුවක් විවෘත වේ.
දැන් මෘදුකාංගයේ EXE ගොනුව හෝ කෙටිමාර්ගය හෝ යොදාගෙන මෘදුකාංගය තමන්ගේ පරිගනකයෙන් විවෘත කරගත හැකිය.



මේ සියල්ලටම වැදගත් වන ප්‍රධානම දේය නම්, TeamViewer ඔබ පෞද්ගලික පරිහරණයට පමණක් භාවිතා කරන්නේ නම් ඔබට TeamViewer නොමිලේ භාවිතා කළ හැකි විමයි.

Read more...

අනේ අපේ දන්සැල් වන්දනාව

>> Saturday, May 9, 2009

දැන් වෙලාව නම් 3.00ට විතර ඇති ඒත් පොඩි දෙයක් ලියන්න හිතුන නිසා මෙකත් ලියලාම නවතිනවා.

වසර පන්දහසක් කල් පවතින බුද්ධ සාසනයෙන් දැන් හරි අඩක්ම ගෙවි අවසන්, එත් අපි මේ උතුම් බුදු සස්නෙන් ලබාගත් දෙයක් තිබේ දැයි කල්පනා කරනකොට හරිම දුකක් දැනෙනවා.

පාරට බැහැල බැලුවම හැම තැනම දන්සැල් නොයෙකුත් ජාතියේ, එක තැනක නටනවා, ගැහැනු ලමයින්ට බලපැම් කරනවා, ඒ සියල්ල අතරේ සුවිශේෂම දේ නම්, (අනික් වා සුවිශෙෂ නැතිවා නොවේ එවායේ සුවිශෙෂ බව වැඩි නිසාම ඔය ඔලුබක්කෝ නැටිමයි, හොල්මන් මංදිරයි වගේ ඒවා දැන් කරන්න දෙන්නේ නැනේ )
මෙ කියන්නේ ඔය දන්සැල් අතරේ එක්තරා මොල්ට් අඩංගු බිම දන්සැලක් ද තිබිණි ඔබට මතක ඇති මේ බීම වර්ගය සිංහල අවුරුදු සමයේ මෙය ඉතාම ජනප්‍රිය වුනා ඔවුන් විසින් යොදා ගත් සංස්කෘතික විරොධි ප්‍රචාරණ විදිය නිසා. තව ටිකක් කීවොත් "සුබ අලුත් අවුරුද්දක් වී.." දැන් මතකයි නේද?

දන්සැලක් දිම ඉතාම හොද වැඩක් එත් මෙ කියන්න හදන්නේ හිතා බලන්නේ නැතිව කරන දෙයින් සිදුවන විපතක් ගැනයි.
මේ මොල්ට් ජනක බීම දන්සලේ බීම දෙනු ලබන්නේ ප්ලාස්ටික් කොප්ප වලිනුයි, ඉතින් අපේ මේ කෑදර මොඩ මිනිස්සු ඒවා බීලා ඒ කොප්ප පාර පුරා හැම තැනම විසිකරමින් යනවා එම ක්‍රියාවේ දිග පළල කෙතරම් ද කිවුවොත්, මහරගම හංදියේ සිට බොරලැස්ගමුවේ වැව දක්වාම පාර පුරා තැන් තැන් වල විසිකරල.

මේ දන්සැල කරවන අයවත් මෙගැන සිතුවේ නැති එක ගැනයි මගේ ප්‍රශ්ණය, මේ කරන වැඩ නිසා අනාගතයේදි මෙ වගේ පරිසර විනාශයන් වැලක් විමට නීති රැගෙන ආවොතින් මෙරටේ බෞද්ධ ජනතාවට මින් ඉදිරියට දන්සැලක් දිමටවත් නොහැකි වනවා ඇත.

පාරේ යන්නවත් දන්නේ නැති, වම දකුණ හදුනන්නේ නැති, තමන්ගේ වැඩේ ගැන විතරක් හිතන, ආත්මාර්ථකාමි ජනතාවකට එක අතකින් දොස් පවරා පලක් නැත. කලයුතු දේ නම් නීති සම්පාදනයම තමයි.

Read more...

ප්‍රිතිමත් වෙසක් උළේලක් වේවා.

අද වෙසක් පොය දැන් නම් ගොඩක් රෑ වෙලා 1.45 ට විතර ඇති, එත් වෙසක් පොය ගැන පොඩ්ඩක් ලියන්න ඔනා කියලා හිතුන නිසා ලියන්න පටන් ගත්තා.

බුද්ධ වර්ෂ 2553 බුද්ධ වර්ෂයයි මෙ උදාවුනේ.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලොව ඉපදිම , උතුම් වු සම්‍යක් සම්බොධිය අවබොධ කිරිම ,අජරාමර සාන්ත පරිණිර්වාණයට සම වැදිම යන ත්‍රිවිද මංගල්‍යන් සිදුවුනේ මෙවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය.
සම්‍යක් සම්බොධිය අවබොධ කිරිම සදහා සුමේද තවුස්ව දීපන්කර බුදුරදුන්ගේ විවරන ලැබුවේද මෙවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය.
මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමින් කැළණියට වැඩම කොට වදාළ උතුම් දවස ද මෙවැනි වෙසක් පොදාකය
සුමන සාමන් දෙවිදුගේ ආරධනයෙන් සමනළ කදු මුදුන මත ශ්‍රී පාද ලාංඡනය පිහිටු වා වදාළ උතුම් දවස ද මෙවැනි වෙසක් පොහෝ දිනකදිය.

Read more...

Upgrade your Ubuntu to the next highest version.

>> Wednesday, May 6, 2009

# Accessories click කර Terminal ඒක විවෘත කර ගන්න.
# දැන් ඒහී මෙලෙස නිවෙශණය කරන්න.

    gksudo "update-manager -d"

# update manager window ඒක විවෘත වේවි,

    සුළු වෙලාවකට පසු එය දැනට Update කිරිමට හැකි මෘදුකාංග පෙන්වයි.
    ඒ සමගම Ubuntu හී අලුත් සංස්කරණයක් නිකුත් වි ඇත්නම් එයද පෙන්වයි.

    උදා:      Upgrade to the latest version of Ubuntu in this release 9.04

# Upgrade බොත්තම click කරන්න.

    දැන් එය සුළු විස්තරයක් පෙන්වාවි, මෙ නිකුතුව ස්ථාවර එකක්ද, නැතිද යන වග
    මෙය හොදින් කියවා තෙරුම් ගෙන තමන් කරන කාර්ය්‍ය ගැන හොද වැටහිමකින්
    Upgrade බොත්තම click කරන්න.

    දැන් එය Donwnloading the upgrade tool කවුළුව පෙන්වාවි,
    මොහොතකින් එය "Upgrading Ubuntu to version 9.04" ලෙස පෙන්වාවි.
    එසේම එය පහත සදහන් අදියරයන් එකින් එක පසු කරමින් පැමිනේ.
    මෙ සදහා ඔබගේ අන්තර්ජාල පහසුකමේ වේගය අනුව සුළු වෙලාවක් ගත විය හැක.

    Preparing to upgrade,
    Setting new software channel
    Getting new packages
    Installing the upgrades
    Cleanning up
    Restart the computer


    අවසනදි ඔබ දැනට කරමින් සිටි සියළු කාර්ය්‍යන් සුරැකුම් කොට පරිගනකය නැවත
    පන ගැන්විය යුතුය.

    සුබ පැතුම්.!!
    පරිගණකය නැවත පන ගැන්වු පසු ඔබට ඔබ තොරාගත් නව සංස්කරණයකට ඔබව     යාවත් කාලින වි ඇති බව ඔබට දැක ගත හැකිය.

Read more...

Recover Ubuntu GRUB Boot Loader after Windows Re-installation.

>> Saturday, May 2, 2009

ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි,
වින්ඩොස් පාරිසරිකයෙදි ඇති වන ගැටලු නිසා, වින්ඩොස් Partition එක Re-Format කර නැවත වින්ඩොස් ස්ථාපනය කිරිමෙදි, උබුන්ටු හි GRUB Boot Loader එක ක්‍රියා විරහිත වීම.
මෙ සදහා වැඩි දෙනා කරන්නේ උබුන්ටු පවා නැවත ස්ථාපනය කිරිමයි.
එහෙත් එය එසේ කිරිම තව දුරටත් අවශ්‍ය නැත. එ සදහා පහත ක්‍රියා මාර්ගයන් නිවැරදිව අනුගමනය කිරිමෙන් පහසුවෙන් ඔබට ඔබගේ උබුන්ටු පාරිසරිකය නැවත ලබාගත හැකිය.

# මුලින්ම ඔබගේ උබුන්ටු CD තැටිය සුදානම් කරගත යුතුය.
# දැන් එය CD දාවකයට දමා, පරිගණකය නැවත පන ගන්වන්න. උබුන්ටු Live CD තැටියේන් පණගැන්විමට ඉඩ හරින්න.
# Ubuntu Live CD Desktop පාරිසරිකයට පැමිනි පසු විධාන කවුළුව විවෘත කරගන්න.
# එහි මෙ විදානය නිවැරදිව ලබාදෙන්න.

sudo grub

එවිට එය මෙලෙස දිස්වේ.    grub>

# එහි මෙ විදානය ප්‍රවෙශනය කර TAB යතුර ඔබන්න. .

root (hd            (press TAB KEY)

මෙලෙස type කිරිමෙන් අනතුරුව TAB යතුර ඔබන්න
එවිට ඔබට ඒහා ගැලපෙන දෘඩ තැටි නාමයන් ඉදිරිපත් වේ.

උදා: hd0 or hd1 ලෙස

# ඉන්පසු ඔබ හරියාකාරව උබුන්ටු ස්ථාපනය කර ඇති දෘඩ තැටියේ අංකය දන්නේ නම් ඔබට එය සැපයීය හැකිය.
ඔබ එය නොදන්නේ නම්, "," ලකුණ යොදා TAB යතුර ඔබන්න.

උදා: root (hd0,            (press TAB KEY)

# දැන් ඔබට පහත දිස්වන ආකාරයේ ලැයිස්තුවක් දැක ගත හැකිය.
grub>root (hd0,
possible partitions are:
partition num: 0, filesystemtype unkown, partition type 0x6
partition num: 1, filesystemtype ext2fs, partition type 0x73
partition num: 2, filesystemtype unkown, partition type 0x8
partition num: 3, filesystemtype unkown, partition type 0x9


# මෙහි ext2fs ලෙස දැක්වෙනනේ ඔබගේ උබුන්ටු ස්ථාපනය කල partition එකයි. දැන් අපි එය ලබා දෙමු.

root (hd0,2)

# දැන් අපි hd0 එක යලි උබුන්ටු Boot Loader මගින් ප්‍රතිෂ්ථාපනය කරමු.

setup (hd0)

# දැන් විධාන කවුළුව වසා දමා, පරිගණකය නැවත පණ ගන්වන්න.

සුබ පැතුම්.!!        
දැන් ඔබට පෙර පරිදිම Ubuntu GRUB Boot Loader එක දැක ගත හැකිය.   
දැන් පෙර පරිදිම ඔබට වින්ඩොස් හා ලිනක්ස් අතර බාදාවකින් තොරව එහා මෙහා යා හැකිය.

Read more...
Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP