ටක් ටික් ටුක්, කෙල්ල අනාතයි !!!!

>> Saturday, June 6, 2009

වැරදියට හිතන්න එපා,
මම මෙ දුටු දෙයක් නිසා ලියන්නේ,

මම හිතන්නේ හැමොම දැකලා තියෙනවා ඇති මෙ දවස් වල යන දැන්විමක්,

අර ටික් ටික් ටික්, ටීක් ටික් ටික්ටික්ටික් ටික් ටික්

මතකයි නෙ අර නම කිව්වාම හෙම්බිරිස්සාව මතක්වෙන දුරකතන සමාගමක වෙළද දැන්වීම.
සමහර විට මම වැරදි වෙන්න පුලුවන්,
එත් මම දුටු විදිහට නම් එහි රගපාන ගැනු ලමයා පුදුමාකාර අපහසුවකින් තමයි එ වෙළද දැන්වීමෙ රගපාන්නේ.

දැන්වීමේ හැටියට කොල්ල කෙල්ලට යමක් කියන දෙයක් පිලිඹිබු කරන්න හැදුවත්,
මෙතැන වෙන්නෙ කොල්ල ඔනැවට වඩා කෙල්ලගේ ඇගෙ යන්න හදන බවකුයි.
කොපමන අකමැති බව පෙන්නුවත් එහි ඉන්නා කොල්ලා යන්නෙම වැරදි පාරෙ බවයි මට නම් තෙරෙන්නෙ.

වෙළද දැන්විමට අවශ්‍ය නැති, එ තැනින් එහා ගිය දේයක් එතන සිදු වෙන බව හොදටම පැහදිලියි.

එක්කො මෙ කෙල්ලො තමන්ගේ කැමැත්තෙන්ම මුදලට විකිනෙනවා,
නැත්නම් නොදැනුවත්වම විකිනෙනවා,
එත් නැත්නම් ඔවුන්ව එ තත්වයට පත්කරවනවා.

ඔවුන්ව එ තත්වයට පත්කරවනවානම් එක ඉතාමත්ම බරපතල කාරණයක්.

එත් ප්‍රශ්නෙ තියෙන්නේ, එහෙම නම් ඇයි ඔවුන් එයින් මිදෙන්නෙ නැතිව එ මාර්ගයේම යන්නේ කියන එකයි.

නොයෙකුත් රූපවාහිනි ආයතන වල සිදුවෙන කාන්තා හිංසන ගැන වගෙම ජනප්‍රිය වෙන්න කෙල්ලො කරන වැඩ ගැනත් අපිට නිතර දෙවෙලෙ අසන්න දකින්න ලැබෙනව.

කෙටි ක්‍රම වලින් දියුනු වෙන්න දගලන කෙල්ලො නිසා, උගත්කම, බුද්ධිය තියෙන කාන්තාවන්ටද අද යන එන මන් නැති වෙලා.

එත් දැනට ලැජ්ජ බයට හැදෙන කාන්තාවකටවත් පාරේ බැහලා යන්න, මෙ වැනි වැඩ නවත්වන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද.

කාන්තා හා ළමා කාර්්‍යංෂ බලා ඉන්නේ කවුරැ හරි ඇවිත් පැමිනිල්ලක් දානකන්මද?
අඩුම තරමෙ

පුදුම වැඩෙ කියන්නේ අපේ රටෙ බොරැවට කැගහන කාන්තා සංවිධානත් මෙවැනි දේ සාමාණ්‍ය දේවල් හැටියට ගනන් ගැනිමයි.

ඇරත්
බස් එකේ යන බඩ දරැ අම්මට අසුනක් දෙන්නවත් හිතක් පපුවක් නැති ගැනු ඉන්න රටක ඔවත් මහ ලොකු දෙවල් ද? නේ.

9 ප්‍රතිචාර:

දිප්ති June 7, 2009 at 10:00 AM  

හ්ම්...
මාර සීන් කෝන් එකක් නෙ මෙක,
ඇඩ් එක බලා ගන්නත් ටිකක් අමාරු උනා
දැන් යනවා අඩුද මන්දා
හැබැයි වැඩෙ නම් ඇත්ත වගෙයි පෙන්නේ
කොල්ලා ටිකක් ඇබලයෙක් වගෙ තමා

සුරේනි June 7, 2009 at 10:03 AM  

ඇත්ත වගේ නෙමෙ ඇත්ත තමයි දිප්ති
මෙ කොල්ල එච්චර හොද නැති බව අහලා තියෙනවා

Anonymous June 7, 2009 at 10:20 AM  

ඇත්තටම මම කණගාටු වෙනව මෙහෙම අන්තර්ගතයන් අඩංගු වෙලද දැන්වීම් විකාශනය වීම පිලිබදව. නමුත් මම හිතන්නේ ඔවුන් ගේ බංකොලොත්භාවය මේ සිද්ධිය හරහා හෝ යම් ප්රසිද්ධියක් ලබා ගැනීමට ගත් උත්සාහයකි. (කසු කුසුවට ලක් වීමට බයිට් සැපයීමකි)

නුවන්සි June 7, 2009 at 1:51 PM  

හ්ම් එකත් ඇත්ත තමයි, ‍
මොන විදිහට හරි පුසිද්ධිය ලැබෙනවා නම් එච්චරයි නේ,
එත් අපේ කැමත්තක් නැතිව බලෙන්ම මෙවා පෙන්විම තමයි වැරද්ද.

Anonymous June 7, 2009 at 4:50 PM  

දැන් සමාජයේ කාන්තාවන්ට ඔය වෙළද දැන්වීමක සිදු වෙන දේවල් වලට වඩා හිතන්නවත් බැරි දේවල් වෙනවා. වෙළඳකරණය කියන්නේ ඒ සිදුවෙන දේවල් වල අතුරුඵල විතරයි. අපි වෙළඳ දැන්වීම් ගැන කතා කරන්න බනින්න කලින් ඒ තියෙන සැබෑ ප්‍රශ්න ටික විසඳුවොත් ඔය අතුරු ඵල ඉබේම නැති වෙලා යයි.

තරඟකාරී සමාජ‍යක කාන්තාවකට ඔය තත්වයක නෑවිත් බැහැ. අපි වෙළඳ දැන්වීමට නෙමෙයි බනින්න ඕනේ. එහෙම තත්වයකට කාන්තාව පත් කරපු ක්‍රමයට. මේක හරියට එයාර්ටෙල් වලට ගිය සංගක්කාරට බනිනවා වගේ වැඩක්.

Anonymous June 7, 2009 at 5:12 PM  

I don't have a tv. Can you please show a youtube link for that commercial.

නුවන්සි June 7, 2009 at 8:01 PM  

chamila කියන දේ ඇත්ත, හෙතුව නසන්නේ නැතිව ඵලය නසලා වැඩක් නැනේ

@Anonymous,
මට හරියටම කියන්න බැ, එත් උත්සහ කරලා බලන්නම්, දැන්වීම යනකොට capture කර ගන්න.
ගෙදර tv එකක් තිබුනට මොකො මාත් ඕවා බලන‍වා අඩුයිනේ

බේබද්දා June 8, 2009 at 1:25 PM  

කවුද බං ඒ කොල්ලෙක්ද? නාකියෙක්නේ බලපන්කෝ උගේ මූණේ වලවල් ටික

Anonymous November 4, 2009 at 7:32 PM  

මට නම් වෙළඳ දැන්වීම බලන්න බැරිවුනා...ඒ උනත් මේටික කියන්න ඕනා..
අපි හැමෝම කරන්නේ යම් කිසිදෙයක් විකුනන එක තමයි.
සමහරු බුද්ධිය විකුනනවා,
සමහරු කායික ශක්තිය විකුනනවා,
සමහරු කාමය විකුනනවා,
තමන් කැමති දෙයක් විකුනන්න තමන්ට අතියක් තිබිය යුතුයි.
කාමය විකුනන්ට කැමති කාන්තාවන් කාමය විකුනනවාට මගේ විරුද්ධත්වයක් නැත.සමාජයේ කුමන තත්වයක් තිබුනත් අවුරුදු 18 ට වැඩි වැඩිහිටියන් වශයෙන් හරි දේ හා වැරදි දේ අවබෝධ කරගැනීමට ශක්තියක් තිබිය යුතුය. සමහර කාන්තාවන් මුදල් සෙවීම සඳහා කාමය විකුනා, පිරිමින්ගෙ පිටේ වරද පැටවීම මටනම් අනුමත කල නොහැක.තමන් කරන දෙයින් ලැබෙන අතුරු ප්‍රතිවිපාක තමන් භාර ගත යුතු අතර එසේ කිරීමට නොහැකිනම් අනුන්ට දෝෂාරෝපණය නොකොට බැරි වැඩ නොකර සිටිය යුතුය.

කෙසේ වුවත් මෙම වෙළඳ දැන්වීමේදී නිළියට බලහත්කාර කමක් සිදුවී ඇත්නම් මා එය හෙලා දකිනවා. ඇත්තටම එසේ වූවානම් ඇයට ඒ පිළිබඳ වැඩිදුර ක්‍රියා මාර්ග ගැනීමට තිබුණා.සමහර විට තිරපිටපතේ අපහසුතාවයක හැඟීමක් ඉස්මතුවන පරිදි රඟපාන්න තිබ්බද දන්නෑ.(ඒක දන්නේ ඉතින් ඒ දෙන්න තමයි ).
කෙසේ වුවත් කෙනෙකුගේ යම් මොහොතකදී පවතින ස්භාවය බාහිර ස්වරූපයෙන්වත් පෙර කල කී දෑ වලින්වත් මනින්න අපහසුයි.

-------පිරිමි කම ගැන හිතන කොල්ලෙක්--------------
(මගේ ප්‍රකාශයෙන් කාගේ හරි හිත රිදුනනම් ඉතින් සොරි )

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP