ඡාලගත නොවි බ්ලොග් ලියන හොදම විදිය ගැන දැන ගමු

>> Saturday, June 13, 2009

බොලොග් ලියන අය සාමාණ්‍යයෙන් කරන්නේ අන්තර්ඡාලයට සම්බණධ වි, ඉන්පසු මුර‍පද යොදා බ්ලොග් පිටුවට ඇතුලු වී ලිපිය ලියන්න පටන් ගන්න එකනේ,
එත් අන්තර්ඡාලය නැතිනම්? මාර වැඩේනේ වෙන්නේ

බොලොග් ලියන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්ණය තමයි ‍ඡාලගතව නැති වෙලාවට කොහොමද අපි ලිපියක් ලියා පලකරන්නේ? කියන ප්‍රශ්ණය.

එකට දෙන්න තියෙන එකම පිළිතුර තමයි Offline Blog Editors (OBE).

එත් මෙ OBE විශාළ සංඛ්‍යවක් තියෙන කොට කොහොමද අපි අපිට සුදුසුම එක තොරා ගන්නේ?

මෙ ගැන පොඩිපහේ විස්තරයක් කරන්න තමයි මම දැන් උත්සහ කරන්නේ

OBE මෘදුකාංග හරහා ඔබට බ්ලොග් ලියන්න, නැවත නැවත සැකසීම් කරන්න, අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, මෙන්ම ping කිරිමට, tag කිරිමට, Twitter දැනුම් දිම් කිරිමටත් පුඵවන.
සැම OBE එකක්ම පාහේ ලියන බ්ලොග් Preview කිරිමට, Text Alignment, Font Styles වෙනස් කිරිමට මෙන්ම සුරැකිම සදහාද සහය දක්වයි.

නමුත් සෑම OBE එකක්ම මෙ සෑම පහසුකමක්ම ලබාදෙන්නේ නැ එක නිසා තමන්ට වඩාත් සුදුසු එක මොකද්ද කියල තොරගන්න වෙනවා.
බලන්නකො කියවලාම තමුන්ට හොද එක මොකද්ද කියලා

 
Qumana
නොමිලේ ලැබෙන OBE එකකි. ලිනක්ස්, විනඩොස් XP/Vista මෙන්ම Mac OSX Tiger/Leopard සදහාද සහය දක්වයි.
WordPress, MovableType, Live Spaces, Drupal, TypePad, Tripod, Blogger, SquareSpace, වගේ තවත් බ්ලොග් පද්ධති කිහිපයක් සදහාත් සහය දක්වයි.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, මෙන්ම ping කිරිමට, tag කිරිමට ද පුළුවන.
මෙ මගින් බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කල හැකිය. Twitter දැනුම් දිම් කිරිමට නොපුඵවන.
සිංහළ සදහා එතරම් හොද සහයක් නොදක්වයි.

Bleezer
මෙය ලිනක්ස් , Mac, හා වින්ඩොස් සමගද භාවිතා කළ හැකිය.
එමෙන්ම ඕනැම බ්ලොග් පද්ධතියක් සමගම වැඩකළ හැකිය.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, මෙන්ම ping කිරිමට, tag කිරිමට පුළුවන. බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි ලිපි පළ කල නොහැකිය.
Twitter දැනුම් දිම් කිරිමටත් නොපුඵවන.


Thingamablog
මෙයත් බහු-පාදම OBE එකකි. එනම් ලිනක්ස්, වින්ඩොස් මෙන්ම මැක් පද්ධති සදහාද සහය දක්වයි. Server මෙයට තුන්වෙනි පාරශවිය blogging host අවශ්‍ය නොවෙ. එහෙත් FTP, SFTP, හා Web Serverය සදහා ඡාලගත්‍ සම්බණධයක් සහ Java 1.4.2 හෝ ඉහළ සංස්කරණයක් අවශ්‍යය.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, ping කිරිමට, මෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කල හැකිය.
එහෙත් බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, tag කිරිමට හා Twitter දැනුම් දිම් කිරිමට නොපුඵවන.

Post2Blog
නොමිලේ භාවිත කල හැකිය. වින්ඩොස් මත පමනක් සහයොගය දක්වයි. බ්ලොග් පද්ධති විශාල ප්‍රමාණයක් හා සම්බන්ධ විය හැකිය.

අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, ping කිරිමට, tag‍ යෙදිමටත් මෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කල හැකිය.
Twitter දැනුම් දිම් කිරිමට නොපුඵවන.

Mozilla Firefox
හා IE සදහා වෙනම ප්ලගිනයන්ද ඇත. එලෙසම MS Word සදහා Tool Bar එකක්ද ලබා දෙයි. බ්ලොග් ලිවිමට ඉතාමත්ම පහසුම OBE එකකි.
කලකට ඉහතදි මා භාවිතා කල ඉතා හොද යැයි පැවසිය හැකි OBE එකකි. එහෙත් ලිපි නැවත සැකසිමෙදි අවහිරතා ඇතිවේ.
සිංහළ සදහා ඉතාහොද සහයක් දක්වයි.


Zoundry Raven
Raven ‍නොමිලේ ලබා දෙන OBE එකකි. වින්ඩොස් මත පමනක් වැඩ කරයි. WordPress, Blogger, TypePad, MovableType, Live Spaces, Live Journal හා තවත් බ්ලොග් පද්ධති කිහිපයක් සදහාත් සහය දක්වයි.
විශේෂම කාරණය මෙය ඔබගේ Pen Drive එ‍කට ස්ථාපනය කර Portable App එකක් ලෙස භාවිතා කල හැකිය.
සිංහළ භාවිතා කිරිමෙදි සුළු අඩුපාඩු ඇතිවෙ.
w.blogger

මෙයත් නොමිලේ ලැබෙන OBE එකකි. වින්ඩොස් මත පමනක් වැඩ කරයි. WordPress, MovableType, TypePad, Blogger, Live Spaces, ආදි බ්ලොග් පද්ධති කිහිපයක් සමගම වැඩ කරයි.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, මෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කල හැකිය.
ping කිරිමට, tag‍ යෙදිමටත් Twitter දැනුම් දිම් කිරිමට නොපුඵවන.


BLOGDESK
නොමලේ භාවිත කළ හැකිය. සිංහළ සදහා සහයක් නොදක්වයි. වින්ඩොස් මත පමනක් කියාකරන අතර WordPress, MovableType, Drupad, Serendipity, ExpressionEngine ආදි බ්ලොග් පද්ධති කිහිපයක් හා සම්බන්ද විය හැකිය.
BLOGDESK OBE එක ඔබගේ ලිපි වලට බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිම, මෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කිරිමට සහය දක්වයි. එවගේම අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට, Technorati Taggin සදහාත් සහය දක්වයි. ping කිරිම හා Twitter දැනුම් දිම් සදහා සහය නොදක්වයි.
Windos Live Writer

මෙය නමෙ හැටියටම වින්ඩොස් පාදක කරගත් OBE එකකි. නොමිලේ ලැබෙන මෙයත් ප්‍රධාන බ්ලොග් පද්ධති සමග කටයුතු කළ හැකිය. මෙය Live පවුල සමග ලෙහෙසියෙන්ම කටයුතු කරයි.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිම, ආදිය සිදුකළ හැකිය.
එමෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කිරිම, Tag දැම්ම, ping කිරිම හා Twitter දැනුම් දිම් ආදිය සදහා සහාය නොදක්වයි.

ecto

මෙය Mac පද්ධතිය සදහා විශේෂයෙන්ම තනා ඇත. මෙය ලෙහෙසියෙන්ම iPhoto, iTunes හා Address Book සබදතා පවත්වයි. ප්‍රධාන බ්ලොග් පද්ධති සමග කටයුතු කළ හැකිය.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිම, Tag දැම්ම, ping කිරිම ආදිය සිදුකළ හැකිය.
එමෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කිරිම, Twitter දැනුම් දිම් සදහා සහාය නොදක්වයි.
මටනම් මැක් පරිගනකයක් නැති නිසා හරියටම විස්තර කියන්න අමාරුයි, තියෙන අයට ඔන්න පුලුවනි දාලා බලලා විස්තර කියන්න‍.
ScribeFire
මෙය නොමිලේ ලැබෙන ගිනි නරියාගේ දිගුවකි. එම නිසාම විවධ මෙහෙයුම් පද්ධති සදහාද භාව්තා කළ හැකිය.
මෙයද WordPress, Blogger, TypePad, MovableType, Live Spaces, Live Journal, Tumblr, ආදි බ්ලොග් පද්ධති සමග කටයුතු කළ හැකිය. ඔබට ඉතාමත්ම ලෙහෙසියෙන්ම Flickr හා YouTube ‍ගොනු මෙයට ඇදිය හැකිය. එ වගේම ping කිරිමටත්, tags යෙදිමටත් පුඵවන. එමෙන්ම බ්ලොග් අඩවි කිහිපයකට එකවර සම්බන්ද වි එකම ලිපිය කිහිපයකට පළ කිරිමටත් පුඵවන.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට හා Twitter දැනුම් දිම් සදහා සහාය නොදක්වයි.



Flock


මෙයත් ගිනි නරියා මත පාදක වු ‍නොමිලේ ලැබෙන අන්තර්ඡාල ගවේෂකයකි. මෙයට බ්ලොග් ලිවිමෙ හැකියාව අන්තර්ගත කර සාදා ඇත. ප්‍රධානම දේ මෙය ඉතාමත් හොදින් බහුමාධ්‍ය ගොනු සදහා සහය දැක්විමයි. ඔබගේ බහුමාධ්‍ය ගොනු ලිපි මතට drag & drop කළ හැකිය.
ලෙහෙසියෙන්ම WordPress, TypePad, Blogger, LiveJournal, Xanga, වැනි බ්ලොග් අඩවි සමග කටයුතු කළ හැකිය.
අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිමට හැකියාව ඇත. එහෙත් ping කිරිමටත්, tags යෙදිමටත්, Twitter දැනුම් දිම් සදහාත් සහාය නොදක්වයි.

4 ප්‍රතිචාර:

නුවන්සි June 15, 2009 at 10:40 AM  

මට සමාවෙන්න ඕනි, මගේ කමෙන්ට් පිටුව වැඩ කරලා නැ.
ශාකුන්තලට ගොඩක් ස්තුතියි දැනුම් දුන්නට
ඔන්න හැදුවා දැන් හරිද බලන්නකෝ
යළිත් වතාවක් ශාකුන්තලට ගොඩාක් ස්තුතියි.

ශාකුන්තල | Shaakunthala June 15, 2009 at 11:07 AM  

එළ එළ.. දැං වැඩ. :D

නුවන්සි June 15, 2009 at 11:40 AM  

එළ එළ. ටැංකුයි කිව්වා ඕං එහෙනං

ආතා June 16, 2009 at 3:12 PM  

හොදා හොදා
චැක් කොරලාම බලඤ්ඤංකෝ ඈං

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP