Recover Ubuntu GRUB Boot Loader after Windows Re-installation.
>> Saturday, May 2, 2009
ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි,
වින්ඩොස් පාරිසරිකයෙදි ඇති වන ගැටලු නිසා, වින්ඩොස් Partition එක Re-Format කර නැවත වින්ඩොස් ස්ථාපනය කිරිමෙදි, උබුන්ටු හි GRUB Boot Loader එක ක්‍රියා විරහිත වීම.
මෙ සදහා වැඩි දෙනා කරන්නේ උබුන්ටු පවා නැවත ස්ථාපනය කිරිමයි.
එහෙත් එය එසේ කිරිම තව දුරටත් අවශ්‍ය නැත. එ සදහා පහත ක්‍රියා මාර්ගයන් නිවැරදිව අනුගමනය කිරිමෙන් පහසුවෙන් ඔබට ඔබගේ උබුන්ටු පාරිසරිකය නැවත ලබාගත හැකිය.
# මුලින්ම ඔබගේ උබුන්ටු CD තැටිය සුදානම් කරගත යුතුය.
# දැන් එය CD දාවකයට දමා, පරිගණකය නැවත පන ගන්වන්න. උබුන්ටු Live CD තැටියේන් පණගැන්විමට ඉඩ හරින්න.
# Ubuntu Live CD Desktop පාරිසරිකයට පැමිනි පසු විධාන කවුළුව විවෘත කරගන්න.
# එහි මෙ විදානය නිවැරදිව ලබාදෙන්න.
sudo grub
එවිට එය මෙලෙස දිස්වේ. grub>
# එහි මෙ විදානය ප්‍රවෙශනය කර TAB යතුර ඔබන්න. .
root (hd (press TAB KEY)
මෙලෙස type කිරිමෙන් අනතුරුව TAB යතුර ඔබන්න
එවිට ඔබට ඒහා ගැලපෙන දෘඩ තැටි නාමයන් ඉදිරිපත් වේ.
උදා: hd0 or hd1 ලෙස
# ඉන්පසු ඔබ හරියාකාරව උබුන්ටු ස්ථාපනය කර ඇති දෘඩ තැටියේ අංකය දන්නේ නම් ඔබට එය සැපයීය හැකිය.
ඔබ එය නොදන්නේ නම්, "," ලකුණ යොදා TAB යතුර ඔබන්න.
උදා: root (hd0, (press TAB KEY)
# දැන් ඔබට පහත දිස්වන ආකාරයේ ලැයිස්තුවක් දැක ගත හැකිය.
grub>root (hd0,
possible partitions are:
partition num: 0, filesystemtype unkown, partition type 0x6
partition num: 1, filesystemtype ext2fs, partition type 0x73
partition num: 2, filesystemtype unkown, partition type 0x8
partition num: 3, filesystemtype unkown, partition type 0x9
# මෙහි ext2fs ලෙස දැක්වෙනනේ ඔබගේ උබුන්ටු ස්ථාපනය කල partition එකයි. දැන් අපි එය ලබා දෙමු.
root (hd0,2)
# දැන් අපි hd0 එක යලි උබුන්ටු Boot Loader මගින් ප්‍රතිෂ්ථාපනය කරමු.
setup (hd0)
# දැන් විධාන කවුළුව වසා දමා, පරිගණකය නැවත පණ ගන්වන්න.
සුබ පැතුම්.!!
දැන් ඔබට පෙර පරිදිම Ubuntu GRUB Boot Loader එක දැක ගත හැකිය.
දැන් පෙර පරිදිම ඔබට වින්ඩොස් හා ලිනක්ස් අතර බාදාවකින් තොරව එහා මෙහා යා හැකිය.
2 ප්‍රතිචාර:
වැදගත් ලිපියක්. ගොඩක් දෙනාට මෙය ගැටළුවක් ව තිබුණා.
තවත් ක්‍රමයක් නම් තියෙනවා, ඒත් එකද පහසු මේකද පහසු කියළ නම් දන්නේ නැ, එත් දැන් අත්හදා බැලිමක් කරන්න කාලයක් නැති එකයි ප්‍රශ්ණය, බලමුකෝ ඉක්මණටම කරගන්න.
Post a Comment