අම්මා කෙනෙකුගේ ශාපය

>> Wednesday, May 13, 2009

මේ තවත් එක් සත්‍ය කතාවකි,
සිදුවුනේ නුවර කොළඹ බස් රථයකදි.
අම්මා කෙනෙක් තම දරුවෝ දෙන්නා සමග බසයට ගොඩ වුනේ ගුවන්තොටුපලට යැමටයි. එ තමන්ගේ එක දරුවකු පිටරටකට රැකියාවකට යැමට පිටත් කර හැරිමටයි.
නිට්ටඹුව හංදියේදි කිහිප දෙනෙක් පැවසුවේ,

"අම්මේ මෙතනින් බැහැගන්න කොළඹටම යන්න ඕන වෙන්නේ නැ, මෙහෙන් කෙලින්ම ගුවන්තොටුපොලට යන්න පුළුවනි" කියාය.

කොළඹට ගියත් එ දුරම යලිත් වත්තල ජා-ඇළ පසු කරමින් එන එක තෙරුමක් නැති නිසා අම්මාද දරුවන් දෙදෙනා සමග බසයෙන් බැසිමට සුදානම් විය.

ඇය මේ ගමන යැමට රුපියල් හත්සීයයක් මේ වනවිට කොන්දොස්තර මහතා වෙත බාර දි තිබිනි. සැනෙකින් එය මතක් විමෙන් ඇය එ බව කොන්දොස්තර තැනගෙන් විමසා සිටියහ.

තම බසය ඇතුලේදි අහිංසක දුප්පත් අම්මා කෙනෙකු ගැන තියා දෙවියන් වහන්සේ ආවත් සැලකිල්ලක් නොදක්වන මේ කොන්දොස්තර තැන් රුපියල් අටක් වැනි සුලු මුදලක් ඇයගේ අත ගන්වා යන්න ගියාය.

සිදුවු දෙයින් අන්දුන් කුන්දුන් වු ඇය අසා සිටියේ ,

"මා ඔබට දුන්නේ කොළඹට යන්න අවශ්‍ය මුදලයි, එත් දැන් මම මගින් බහින්නයි හදන්නේ ඉතින් මිට වඩා වැඩි මුදලක් මට ලැබෙන්න ඕනා නෙදැයි", ලෙසය.

ඇයගේ ඉතිරි මුදලත් අතපසු කළ කොන්දොස්තර තැන මගින් බසින අම්මට නිවැරදි මුදල ලබා දෙයැයි කිසිවකු හෝ විශ්වාස නොකළහ.

කිසිවක් කරකියා ගත නොහැකි වු අම්මාට දහසකුත් දෙවල් සිතෙන්නට ඇත.
ගෙවල් උකස් කරමින් රටටම ණය වෙමින් මෙ අම්මා, තම දරුවා පිටරට යැවිමට උත්සහ දරන්නේ, අති සුඛොපබොගි ජිවතයක් ගතකිරිමට නොව කාටවත් අතනොපා ජිවත් විමටය. එහෙත් මෙ අසාධාරණ ලොකයේ සිදුවන දේ ගැන කියනට කෙනෙක්, අසනට කෙනෙක් නැති බව ඇය හොදාකාරවම දනි.

අවසනදි ඇයගේ කටින් පිටවුයේ මෙපමනකි.

"අනේ දෙවියනේ දුප්පත් අපෙන් මෙහෙම සල්ලි මංකොල්ල කන මුන්ට නම් හොදක් වෙන්න එපා, දුප්පත් මගෙන් සල්ලි උදුරා ගත්ත මුන්ට කොළඹට නම් යන්න ලැබෙන්න එපා"

මෙය ඇසු කොන්දොස්තර සමචල් සිනාවකින් මුව සරසාගෙන උජාරුවෙන් රියදුරු අසුන ලගට ගොස් රියදුරු තැනගෙන් විමසුවේ,

"අපිට කොළඹට යන්න බැරි වෙයිද" යනුවෙනි.

මහා ලොකු වීරක්‍රියාවක් සිදු කලාක් මෙන් හැසුරුනු ඒ කොලු ගැටයා එසේ ඇසුවේ වෙන කිසිවක් නිසා නොවන බව හැම කෙනෙකුටම අවබොධ විය.

එනම් තම හිතේ ඇතිවු බිය දුරුකර ගැනිම සදහා, තම බසයේ කිසිදු හෝ කාර්මික දොෂයක් නැති බවට සැක හැර දැන ගැනිමට හා එ තුලින් ඇයගේ වාක්‍ය අවතක්සේරුවට හා සමච්චලයට ලක් කිරීමටත්ය.

එහෙත් ඔහු සිතු දේ නම් සිදු වුයේ නැත. ඇය පසු කර තවත් බස් නැවතුමක දුරක් වත් අපට යාගත නොහැකි විය. හදිසියේ ඇතිවු කුමක්දෝ කාර්මික දොෂයක් හෙතුවෙන් බසය හිටි හැටියේම මහ පාරෙ නතර විය.

සිදුවු දේයින් අන්දුන් කුන්දුන් වු මගින් එකිනෙකාගෙ මුහුනු බලගත්හ.
තම ගමනාන්තයට හැකි ඉක්මනින් යැමට සැවොම කැමති වුවත් දැන් කිරිමට දෙයක් නොමැත.

ආගමක් දහමක් නැති අශිලාචාරයෙකුගේ වැඩක් නිසා, අම්මා කෙනෙකුගේ සාපයට බසයේ සිටි සැවොම ලක් විය.
හැමගේ පැසසුමට ලක්වුයේ බසයට සිදුවු හානිය මිසක් මගින්ට කිසිම හානියක් සිදු නොවිම පිළිබදවය.

මෙය කුමනාකාරයේ අදෘශමාන බලවෙගයක් විසින් සිදුකල දෙයක් දැයි අපි නොදනිමු.
එහෙත් එකක් නම් සැක හැර කිව හැකිය.

තමන් කල පවු සොදාහැරිමට නම් බැරිය. එවාට සොබාදහම විසින් නිසිකලට නිසිවිදිහට දඩුවම් පමුණුවනවා ඇත.

පසු සටහන:

සැම බසයකම සිදුවන අකටයුතුකම් වලට ඉදිරිපත් විමේ අයිතිය ඔබට ඇත.
එ වෙනුවෙන් නොබියව කථා කරන්න ලැජ්ජා නොවන්න. ලැජ්ජා විය යුත්තේ ඔවුන් මිසක් අප නොවේ.

මතක් කර ඉතිරි මුදල් නැවත ඉල්ලා ගන්න.
රුපියලක් දෙකක් ඔබට සුලු මුදලක් වුවාට එම රුපියලෙන් ජිවිතය ජිවත් කරවන අය මෙ පොලොවේ ජිවත් වෙති.
අද ඔබ එ වෙනුවෙන් ඉදිරිපත් නොවුනහොත් එම හොරුන් එය ප්‍රයොජනයට ගෙන අසරණයන් පෙලිමට වැඩියෙන් උත්සහ ගනිති.
හොරුන් සිතන්නේ "එයත් මොකුත් කිවේ නැ, මෙයත් මොකුත් කිවේ නැ, එක නිසා මෙයාටත් වැඩෙ කරමු." කියාය.

සුලු දෙයටත් වැඩවර්ජන කරන ඔවුන් ජිවත් වන්නේ අපි නිසාය, එහෙයින් අපේ අයිතිය වෙනුවෙන් අපි එකාවන්ව පෙළගැසෙමු.

4 ප්‍රතිචාර:

May 13, 2009 at 8:02 PM  

අපිට අපේ ඉතුරු රුපියල ඉල්ලන්න බැහැ ඒත් උන්ට රුපියලක් ගාස්තු වැඩිකරන්න ස්ට්‍රයික් කරන්න පුළුවන්

හැබැයි අර ඉතුරු ගාන නම් හරි ඇති මොකද මන් ගම්පහ ඉඳන් කොළඹට ගෙවන්න ඕනෙ රුපිය 36ක් මන් කැළණිය පාලම ගාවට ගියත් කොහොමත් රුපියල් 34ක් විතර ගෙවන්න ඕනේ. එතනින් බැස්සනම් මට දෙන්නේ රුපියල් දෙකක් මිසක් එතන ඉඳලා කොළඹට යන්න ඕනේ කරන රුපියල් 10ක් විතර මුදල නෙමෙයි

Narada May 14, 2009 at 12:23 AM  

එකගයි මචං! ඹට ඔය වගේ එව්වා දැකලා තියෙනවා නුවරට සතිපතා ගිය ගමන් වලදි.

Unknown May 14, 2009 at 9:32 PM  

ඔබ දැක්වු අදහස් ඉතා අගය කරමි.රැපියල යනු අප උපයන ෙද් පලමුවන අගයයි. ඒය නාස්ති කල යුත නැහ.

Deeps May 16, 2009 at 5:51 PM  

හොද වැඩේ ඔය කොන්දොස්තරයට.ඔයින් ගියා ඇති

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP