රණබිම මැරුණේ සිංහලයකු නම්

>> Sunday, May 17, 2009

රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ

මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ




1 ප්‍රතිචාර:

Anonymous May 17, 2009 at 8:56 AM  

ලේ කදුලු පුදා රට රැකගත් අපේ විරුවන්ට අප සදාණය ගැතිය.
රස්සවක් මිස සෙවාවක් නොකරන අන් අයට ඔබ පුර්වාදර්ශයකි.
ඔබ ඔබේ යුතුකම රස්සාවකට සිමා කළේ නම අද අපට ජිවත් විමට, ඩෙගා නැටිමට පාටි දැමිමට නොවේ, වාද විවාද කිරිමටවත් රටක් නැතිය.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP