Laptop Battery Doubler මෘදුකාංගය ගැන දැන ගනිමු.
>> Wednesday, June 3, 2009
මෙහි නම වන්නේ Battery Doubler ය. මෙහි නිර්මාපකයින් වන්නේ Dachshund Software ආයතනයයි.
ප්‍රධාන ලෙසම මෙයින් සිදුවන කාරණය නම්, ඔබගේ Laptop එකේ බැටරියේ දැනට පවතින ආයුකාලය ටිකක් වැඩි කර දිමයි.
මෙහි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරිමට හෝ නොකිරිමට වරණයක් ඇත.
එලෙසම මෙහි ඇති Options වල Force CPU to use 99% power යනුවෙන් වරණයක් ඇත. මෙමගින් ඔබට CPU එක පාවිච්චි කරන විදුලිය අවම කර ගත හැකිය.
CPU එක 100%ක් ක්‍රියාත්මක වන විට නිතැතින්ම CPU එකේ fan එක ක්‍රියාත්මක විමට පටන්ගනි. එ සදහා වැඩි විදුලියක් වැය වෙ. 99% ක් ක්‍රියාකිරිමෙන් CPU fan ක මෙලෙස නිතැතින්ම කියානොකරයි. මෙය තේරීම මගින් වැය වන අමතර විදුලිය අවම කර ගත හැකිය.
එලෙසම Processor Cycling මගින් CPU එක භාවිත විම අවම කරන නිසා CPU එකේ උෂ්ණත්වයද අඩුකරයි.
Enble Turbo Charge මගින් ඔබට ඉතාමත් ඉක්මනට බැටරිය ආරෝපනය කර ගත හැකිය. එහෙත් මෙම වරණය තොරා ගත යුත්තේ ඔබ පරිගණකය භාවිතා නොකරන අවස්ථාවකදි පමනි. මක් නිසාද යත් මෙමගින් බැටරිය ආරෝපනය කිරිමෙදි පරිගනකය ඉතාමත් මන්දගාමී තත්වයකට පත්වේ.
මෙහි ඇති wizard මෙනුව හරහා ඔබට තවත් අත්‍යවශ්‍ය තෙරිම් කිහිපයක් ක්‍රියාත්මක කල හැකිය.
Recalibration
මෙ මගින් ඔබට බැටරියේ ආරොපන තත්වය නිවැරදිව දැනගත හැකිය. මොකද සමහර විට බැටරිය ආරොපනය කලත්, ඉතා ඉක්මනින්ම ආරොපනය අඩුවිය හැකිය. මෙවැනි වැරදි තොරතුරු Battery Doubler විසින් නිවැරදිව හදුනාගනි.
Compare Autonomy
මෙමගින් ඔබට ඔබගේ බැටරිය ආරොපනය පිළිබදව පොඩි අදහසක් ගත හැකිය. Battery Doubler මගින් කොපමණ ප්‍රමාණයකින් ඔබගේ බැටරිය වැඩිපුර ප්‍රයෝඡනයට ගත හැකිද, එසේ නැතිනම් ඔබගේ බැටරිය සාමාණ්‍යයෙන් ප්‍රයෝඡනයට ගත හැකි ප්‍රමාණය කොපමනද යන වග දැන ගත හැකිය.
Autonomy
මෙ මෙනුව මගින් ඔබට ඔබගේ බැටරියේ ආයුකාලය සම්බණ්ධව ඉතා වැදගත් සැකසීම් කිහිපයක් සකස් කළ හැකිය.
Maximum Autonomy
මෙ තේරීම මගින් පරිගණකයේ CPU එක භාවිත වන ප්‍රමානය අඩු කිරිම හා දෘඩ තැටිය හා තිරය සදහා අඩු විදුලියක් භාවිතා කිරිම මගින් බැටරියේ ආරොපනය වැඩි කලක් රදවා තබා ගනි. (මෙ මගින් පරිගනකය ටිකක් මන්දගාමි විය හැකිය.)
Balance
මෙ මගින් CD හා DVD තැට් ධාවක මන්දගාමි කිරිම හා දෘඩ තැටිය හැකි අවස්ථා වලදි නැවත් විම මගින් විදුලි භාවිතය අඩු කිරිම.
Maximum Performance
මෙ තේරීම මගින් Battery Doubler පරිගනකයේ වෙනස් කමක් සිදු නොකරන අතර එහෙත් හැකි සෑම විටම බැටරියේ ආයුකාලය වැඩි කිරිමට උත්සහ දරයි.
Options
එනමුත් මගේ තේරීම අනුව නම් මෙ සැකසීම් කළ යුත්තේ ඔබට එය අවශ්‍ය නම් පමණි. මක් නිසාද යත් එමගින් ඔබගේ පරිගනකය මන්දගාමි වන නිසාය, එය ඔබගේ කාලය හා කරන කර්තව්‍ය අනුව එ අවස්ථාවට පමනක් සිදු කල හැකි නම් හොද බවයි මගේ නම් හැගිම.
17 ප්‍රතිචාර:
marai ne mara weda godak ne tiyenne
godak hodai thawa dewal tiyanawanam mewage software gana danna
ooka computer akata dammath wedakaranawa athi neda
koheda tiyenene download karaganna
@Anonymous,
ඔව්, මෙක සෑහෙන ප්‍රයොජනවත් මෘදුකාංගයක්
@ චතුර,
ගොඩක් ප්‍රයොජනවත් එවා තියෙනවා, ඉඩ ලැබෙන විදිහට අනිවාර්යෙන්ම දාන්නම්.
මෙක PC එකකට දැන්මම වැඩක් නැ කියලයි, මම නම් හිතන්නේ, මොකද PC එකක් සාමාන්‍යයෙන් UPS එකක් එක්කනේ වැඩ කරන්නේ, ඉතින් UPS මෘදුකාංග තියෙනවනේ එවා ගැන බලාගන්න.
laptop එකේ බැටරියෙ ආරොපන තත්වය සොයා බැලිමයි මෙහි ප්‍රධානම කාර්ය්ය වන්නෙ.
කොහොමටත් මම PC එකක් එක්ක මෙක අත්හදා බලලා නැ, ඔබට පුලුවන් උනොත් අපිවත් දැනුවත් කරන්න.
@ hettiarachchi,
මෙක පාවිච්චි කර, මිළට ගැනිමේ ක්‍රමයට, භාගත කරගන්න නම්, ගුගල් මත සෙවුමක් කිරීමෙන්, තැනක් සොය ගැනිමට අපහසු නැ,
එත් මෙය ස්ථාපනය කල පසු අන්තර්ජාලය හරහා අනුමත කිරිමක් කල යුතු වෙනවා, එහෙම නැතිව පාවිච්චි කරන්න බැහැ, එක තමයි තියෙන එකම අවුල.
godak thanks apiwa thwa software gana danuwath karanna well done
vista ?????
Linux???
Windows 7?
නිකං ඇහුවේ අනිත් අයගේ ඇසිල්ල හින්දා. ඒත් Windows 7 ඒකටත් වැඩ කරයිද?
MacOS????
අප්පච්චියේ පුරශ්න වැලයි.
@ Muthunayake, බිன்ku,
දැනට එම ආයතනය විස්ටා හා කවුළු අංක 7 ගැන සදහනක් කර නැ
ඇත්තටම මමත් වැඩිපුර භාවිතා කරන්නෙ ලිනක්ස් නිසා කඩුළු මහත්තයාගේ කවුළු සංස්කරන ගැන එතරම් ම වැටහීමක් නැ, XP කියන සංස්කරණය පමනයි දැනට මාත් භාවිතා කරන්නේ
එත් ඔයාල භාවිතා කරන නිසා උත්සහ කර අපිටත් දන්වන්නකෝ.
@ඉන්ද්‍රනාම ,
MacOS ගැන නම් ඉතින් බැරි බවයි මගේ වැටහිම, එත් Mac Lap වල බැටරියේ ඉතා හොද ආයු කාලයක් තියෙන බවයි මගේ අදහස, කොහොමත් දැන් එන අලුත් පරම්පරාවෙ සෑම එකක්ම එහෙමයිනේ.
@ශාකුන්තල,
මමත් භාවිතා කරන්නේ 99%ක්ම ලිනක්ස් තමයි, ලිනක්ස් වලත් මෙවැනිම ශක්තිය පිරිමසින මෘදුකාංග තියෙනවා. මම එවා ගැනත් ලියන්නම්, එ අතරේ ඔයත් පුලුවනී නම් උත්සහ කරන්න.
මට මෙක ගැන ලියන්න උවමනාවක් තිබුනේ නැ, එත් මගෙ කවුළු එක ආබාධයකට ගොදුරු වුන නිසා යලි ස්ථාපනය කරන්න වුනා, ඒ නිසා මෙ මගේ සුපුරුදු වැඩසටහන් ටික ආයිත් ස්ථාපනාය කරන කොට තමයි මතක් වුනේ අනික් අයටත් එක ප්‍රයොජනවත් වෙයි නෙද කියලා.
මමත් ලැපක් ගත්ත ගමන් ඕක දාලා බලලා..............................................................................................................................................
@ චතුරංග,
ම්ම්..
ලැපක් ගන්න try පාරක් දාන්න.
මමත් කට්ටක් කාලා තමයි ගත්තේ,
පිටරටක කවුරු හරි හිටියනම් ඉතින් වැඩෙ ගොඩ.
Post a Comment