මොකද්ද මේ TeamViewer කියන්නේ?

>> Sunday, May 10, 2009

ඇත්තම කිවුවොත් මට වින්ඩොස් අමතක කරන්න බැරි එක හෙතුවක් තමයි මේ TeamViewer කියන්නේ.

මොකද්ද මේ TeamViewer කියන්නේ?





TeamViewer කියන්නේ ඉතාමත්ම සරලව පරිගණක දෙකක් අතර සම්බණ්ධතාවක් සිදු කල හැකි වැඩසටහනකි.


මේ මගින් ඔබට ඕනැම පරිගණකයට අන්තර්ජාලය හරහා ඉතාමත් ලෙහෙසියෙන් හා ඉක්මනින් සම්බණ්ධ විය හැකිය.
එහිදි ඔබට එම පරිගණකය ඔබ ඒ ලග සිටිනවා සේ පාලනය කල හැකිය(Remotly Controll).
ප්‍රධානම කාරණාව නම්, ඔබට එහි firewalls, IP addresses or NAT ගැන තවදුරටත් වද වෙන්න අවශ්‍ය නොවිමයි.


TeamViewer ස්ථාපනය කිරිම හා භාවිතයේදිද, මේ හා සමාන අනෙක් මෘදුකාංග සමග ගත් කල TeamViewer ඉතාමත් පහසුවෙන් ස්ථාපනය කිරිමට හා භාවිත කිරිමට පුලුවන.




TeamViewer භාවිතයේන් ඔබට ඔබගේ ඕනැම ලිපිගොනුවක් පරිගණක දේකක් අතර හුවමාරු කරගත හැකිය.


ඔබගේ බහුමධ්‍ය ඉදිරිපත් කිරිමක් කිරිමට මින් ඉදිරියට, දුරුකතර ගෙවා යැමට අවශ්‍ය වන්නේද නැත. TeamViewer මගින් ඔබට ඔබගේ කාර්යාලිය ඉදිරිපත් කිරිම්, ඔබගේ පාරිභොගිකයින්ට කාර්යාලයේ සිටම පහසුවෙන්ම පෙන්වා දිය හැකිය.






ඒසේම තොරතුරු තාක්ෂණයේ යෙදෙන්නන්ට ඉතාමත්ම ලෙහෙසියෙන් තමන්ගේ නිෂ්පාදනයක ඇතිවු ගැටලු සහගත තත්වයන්ට පාරිභොගියන් වෙතට නොගොස්, ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ දෝෂ නිරාකරණය කළ හැකිය.





ඒලෙසම ඔබ නිවාඩු දිනකදි ඇතිවු හදිසි අවශ්‍යතාවයක් මත ඔබගේ කාර්යාලීය පරිගණකයේ ඇති යම්කිසි මෘදුකාංගයක් ක්‍රියාකරවිමට අවශ්‍ය වුවහොත් TeamViewr VPN සේවාව හරහ ඔබට එය ඉතාමත් ලෙහෙසියෙන්ම සිදු කළ හැකිය.

ඇත්තටම VPN තියෙන්නෙ ගොනු හුවමාරු කිරිමට නෙමෙයි. මේකේ VPN එකෙන් ගොනු හුවමාරු කරනවට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්
VPN වලින් කරන්නේ දුරස්ථ පරිගනකයේ ඇති මෘදුකාංග ක්‍රියා කරවීම.

උදා:
දුරස්ථ පරිගණකයේ තිබෙන යම්කිසි විශෙෂිත වු මෘදුකාංගයක් ක්‍රියාත්මක කර වීමට අපිට අවශ්‍ය යයි සිතමු, (Accounting pkg එක ගෙදර ඉදන් ක්‍රියාකරවීම)
මෙහි ඇති VPN වරණය තොරන්න. එවිට සාමාන්‍ය වින්ඩොස් explore සේ කවුළුවක් විවෘත වේ.
දැන් මෘදුකාංගයේ EXE ගොනුව හෝ කෙටිමාර්ගය හෝ යොදාගෙන මෘදුකාංගය තමන්ගේ පරිගනකයෙන් විවෘත කරගත හැකිය.



මේ සියල්ලටම වැදගත් වන ප්‍රධානම දේය නම්, TeamViewer ඔබ පෞද්ගලික පරිහරණයට පමණක් භාවිතා කරන්නේ නම් ඔබට TeamViewer නොමිලේ භාවිතා කළ හැකි විමයි.

1 ප්‍රතිචාර:

Malinda - මාලින්ද May 11, 2009 at 10:34 PM  

මේක මරු තමා. මාත් භාවිතා කරනව. BANDWIDTH එකත් හුගක් භාවිතා කරන්නෙ නෑ

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP