ඔබේ සිත අනුන්ගේ කුණුකන්දල් වලින් බැද දැමිමට ඉඩ නොතබන්න.

>> Monday, June 1, 2009

මෙ මට ආපු ඊමෙල් පණිවිඩයක තිබුනු දෙයක්. එහි තිබුනු විදිහට කතාව මෙහෙමයි.

මගේ යහළුවෙක් ගමනක් යනකොට ඔහු පාර අයිනේ බැද දමා සිටි අලියෙක් දැක ඇත. එහෙත් හදිසියේම ඔහු දුටු යම්කිසි දෙයක් හෙතුවෙන් කලබලයට පත් විය.
එනම් මෙතරම් සුවිශාල ඇතෙකු බැද දමා තිබුනේ ඉතාමත් කුඩා දම්වැලකින් විමයි. "මෙතරම් විශාල ඇතෙකු කොයි මොහොතේ හෝ මෙ කුඩා දම්වැල කඩාගෙන පැමිනෙවිද,
නැතිනම් මෙ විශාල ඇතාට ඕනැම මොහොතක මෙය කඩා ගැනිමට හැකියාව තිබියදිත් කුමන හෙතුවක් නිසාද ඌ එසේ නොකරන්නේ" ඔහු ගේ සිතේ දැන් ප්‍රශ්න ගොඩයි.

මෙයින් විශ්මයට පත් ඔහු එ බව ඇත්ගොව්වාගෙන් විමසීය. ඔහු එ සදහා ලබා දුන්නේ අතීශය විශමය දනවන පිළිතුරකි.

මෙ විශාල ඇතා කුඩා කලදිද ඌව බැද දමා ඇත්තෙ මෙවැනිම වු කබයකිනි, පුංචි ඇත් පැටවා කෙතරම් උත්සහ කලත් ඌට එම කබය කඩා ගැනිමට නොහැකිය, එ බව දන්නා ඌ වැඩිහිටි වුවත් තවමත් සිතන්නේ. මෙ තියෙන්නේත් එදා තිබු කබයමයි, එ නිසා කිසිසෙත් මෙය බිදදමා පැන යා නොහැකි බවයි. එසේ සිතන ඌ කවදාවත් එය බිදදමා පැනයාමට තැත් නොකරයි.

මෙය අපටද හොද උදාහරණයක් බව මතක තබාගත යුතුය.
අපි අ‍‍පේ සිත් කෙතරම් නම් වැරදි ආකල්ප වලින් පුරවා ගෙන සිටිනවාද?
එම ආකල්ප නිසා අපි සිතන පතන දේ පවා කෙතරම් වෙනසකට බදුන් වි ඇත්ද?
තම තමන්ගේ දේශපාලන, මුල්‍යමය, හා නොයෙකුත් උවමනාවන් අපි හරහා ඉටුකරගැනිමට, කෙතරම් නම් වලි කන පිරිසක් බිහිවි ඇත්ද?
අපි අපේ බුද්ධිය පාවිච්චි නොකර, කවුරැවත් කී පලියට, කාගෙවත් උවමනාවට, කෙතරම් නම් අනුවන වැඩ සිදුකර ඇතිද?

ඒ නිසා;

අතීතයේ නොයෙකුත් හෙතු නිසා, අ‍පේ යටි සිතේ තැන්පත් වී ඇති දුර්මත ඉවත් කර ගැනිමට දැන්වත් උත්සහ කරන්න.
කාගෙවත් උවමනා එපාකම් වලට අසු නොවි, ‍තම තමන්ගේ මොළේ පාවිච්චි කර සත්‍යය හා අසත‍්‍යය වෙන් කර හදුනාගෙන, බාදා බැමි බිද දමා, යන ගමන හරියට දැනගෙන යාමට උත්සාහ වන්ත වෙමු.

4 ප්‍රතිචාර:

දිලාන් June 1, 2009 at 4:17 PM  

හොද කතාවක්.එකතුල ලොකු අරුතක් ගැබ්වෙලා තියෙනවා.සමහර වෙලාවට හිතේ තියෙන විවිධ මත අයින් කරන්න තමන්ගේ මොලය විතරක් මදි, වෙද්‍යවරුවෙත පවා යන්න වෙන වෙලාවල් තියෙනවා.ස්තුතියි!

Deeps June 1, 2009 at 9:30 PM  

ම්ම්. කියවන්න වටින කතාවක්. අපි ගොඩක් අයට වෙලා තියෙන්නේ ඕක තමා. මටත් ටිකක් අදාලයි වගේ හිතෙනවා

නුවන්සි June 2, 2009 at 12:57 PM  

@ දිලාන්,
එක ඇත්ත, 77 යම්කිසි විමුක්ති සංවිධානයක සිටි තරුණියක්, එ ක්‍රියාවන් නිසා මියගොස් නැවත ඉපදි, මෙ ආත්මෙදි මොහනය කල විට පවා කිවෙ, "එවා රහස් එවා කියන්න බෑ, එවා අපිට පන්ති වලදි කියපුව" කියලයි

නුවන්සි June 2, 2009 at 12:59 PM  

@ deeps,
එ බව තෙරුනානම් එච්චරයි, අවශ්‍ය වන්නෙ දැන් ඉදිරියට කරන දේ හරියට කිරිමයි, සුභ පැතුම් ඔබට !

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP