මොහොතක් සිතන්න

>> Friday, January 22, 2010

මොහොතක් සිතන්න




* 2004 දි ඔබගේ වටිනා ඡන්දයෙන් මහින්දයන් ඡයග්‍රහණය නොකළා නම්,

අපි තවමත් එක්කෝ යුද ගිනි මැද නැතිනම් කොටින්ට යටත්ව දුක් විදින , දීන ඡාතියක්



* පාර්ලිමෙන්තුව අස්ථාවර වි රඡය බිද වැටුනි නම්,

අපි තවමත් එක්කෝ යුද ගිනි මැද නැතිනම් කොටින්ට යටත්ව දුක් විදින , දීන ඡාතියක්



* මානව හිමිකම් ගැන කියමින් බොරු සුදු වැන් මවා පාමින් (එවා කලේ කවුදැයි දැන් රටම දනි)

මාධ්‍ය නිදහස ගැන උද්ගොෂණ කරමින් (සුනන්ද දෙශප්‍රිය ලාගේ වැඩ ගැන හැමොම දැන් දනි)

ඡනතාව රවටා සියල්ල කණපිට හැරවිමට ගත් උත්සහයන් සාර්ථක වුනි නම්,

අපට ඡිවත් විමටවත් රටක් නොමැති විමට ඉඩ තිබිනි.



* යු ඇන් පී යෙන් ආ මන්ත්‍රි වරුන්ට ඇමති කම් නොදුන්න නම්,

යු ඇන් පීය නඩු මගට බැස ඔවුන්ගේ මන්ත්‍රිකම් අහොසි කර යලිත් ඔවුන්ගේ අයවලුන්ම පත්කරගනිමින් රඡය අස්ථාවර කර යුද්ධය කඩාකප්පල් කිරිමට ඉඩ තිබිනි

එහෙත් ඇමැති කම් ලබා දිමෙන් ඇමති වරප්‍රසාද යටතේ නඩු කියා මන්ත්‍රකම් අහොසි කල නොහැක.

එම නිසා ඡනතාව රැවටිමට ලොකයේ වැඩිම ඇමති මණ්ඩලය යැයි පතුරමින් ඡනතාව අතර රඡය අප්‍රසාදයට ලක් කිරිමට ඔබත් හවුල් වෙනවාද?



එදා වගේම අදත් මෙ කපටි වංචනිකයින්ට රැව‍ටි ඔබ රට විනාස කරනවාද?

එදා නොරැවටුන ඡනතාව අද රැවටෙනවාද?



මෙ රට ඔබේ රටයි, ඔබේ දුවගේ පුතාගේ රටයි, රටේ මතු පරම්පරාවෙම රටයි,

එය විනාශ කිරිමට අපට අයිතියක් නැත

යලිත් යුද ගිනි ඇවිල විමට උඩගෙඩි නොදෙන්න. ඒ පාප කර්මයෙන් ඔබවත් නිදහස් වෙන්න



මහින්ද හොරකම් කලත් (තවම කර නැත නමුත් ඔවුන්ම කියන පරිදි)

ඒ වැඩිම වුනොත් තව අවුරුදු 6 කටයි,

නමුත් නිර්පාක්ෂිකයා ඡනාඨිපති වුවහොත් අපිට ඡිවත් විමට වත් රටක් නැති වෙයි

යුද ගිනි යලි ඇවිලෙයි. බොම්බ පිපිරෙයි 88-89 භිෂණ යුගය යලි ඇතිවෙයි



නිර්පාක්ෂිකයා දිනුවත් නැතත් ඔවුන් ට ලොකය හමුවේ කියන්න දෙයක් තිබේ

එනම් මෙ රටේ මෙ පමන ඡනතාවක් අපිට ඡන්දය දි ඇත. එනම් මෙපමණ ඡනතාවක් මෙ රට බෙදා වෙන්කිරිමට

ඊළම් ලබා දිමට කැමතිය අපි ඔවුන්ගේ ඡන්දය ඉල්ලුවෙ මෙයටය එයට සාක්ෂි ලෙස තානාපති වරුනුත් ඇත.



නිර්පාක්ෂික අපෙක්ෂකයා වග කියන පක්ෂයක් නැත, පාර්ලිමෙන්තුවක් නැත, ඡනතාවක් නැත.

අඩුම තරමේ ඔහු ඔහුටවත් වග කියන්නේ නැත

එහෙයින් අවසානයේදි ඔහු ‍ඉතාමත් ලෙහෙසියෙන්ම සියලු වරදින් නිදහස් වනු ඇත.

මෙයට සහයොගය දුන් නොදුන් සියලුම ලක් වැසි ඡනතාව මෙයින් තව අවුරුදු 30 - 40 ක් දුක් විදිනු ඇත.



මඩ ගැසිම අවශ්‍ය නැත. අපි දෙදෙනාටම ගරු කරනවා යැයි කට පියන් සිටිමෙන්ද පලක් නැත

අපිනම් ඡන්දෙ දාන්නේ නැතැයි සිටිමෙන් ද , කවුරු ආවත් අපිට ඇති සෙතක් නැතැයි සිතිමෙන් ද පලක් නැත.

මක් නිසාද යත් යලි බොම්බ පිපිරි පාරෙ යන්න එන්න බැරි තත්වයක් උදාවිමට කවුරුත් අකමැති බැවිනි.



බුද්ධිමත් ව සිතන්න

මෙ අවසාන අවස්ථාව බව තරයේ මතක තබා ගන්න.

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැකිය

තිරණය ඔබ අතේය.

5 ප්‍රතිචාර:

Unknown January 22, 2010 at 11:07 AM  

well said machan, ඕව තේරෙන්නෙ පොළොවෙ පය ගහල ඉන්න උන්ට විතරනෙ බං. අපෙ සමහර උන් යන්නෙ අඩි ගානක් උඩින්නෙ.

Unknown January 22, 2010 at 11:28 AM  

"යුද ගිනි යලි ඇවිලෙයි. බොම්බ පිපිරෙයි 88-89 භිෂණ යුගය යලි ඇතිවෙයි"

http://www.dailymirror.lk/index.php/news/1045-grenade-attack-on-tirans-house.html

http://www.lankadeepa.lk/2010/01/22/front_news/02.html

අනේවාසික January 22, 2010 at 2:52 PM  

ලංකාවේ ඡන්දදායක අතිමහත් බහුතරය ගැන මගේ අදහස නම් - ඔය MR, SF දෙපිලට සහය දක්වන්නෝ එක්කෝ මෝඩයෝ, නැත්තං කට්ටයෝ.

අනේවාසික.
http://anewasika.blogspot.com/

දුෂාන් January 22, 2010 at 4:36 PM  

mama dakinavidihata maka thanikarama deshapalana kumantranayak.mahinda thamange sthawaraya goda naganna yanakota prathi virudda pathan loku abiyogaya.sarath ponseka kiyala thiyanawa aya porondu unalu hamudapathi durayan ainwanakota kohomahari udda iwara karanawa kiyala.harima saralai.sarath ponseka dannawa mahinda kohomath udda iwara karanawa kiyala.aka thama baya nathiwa ahama kiwa.kohomath pothehatoyata senadinayakaya ana denna apaya neda.anna aki una.maka hariyata ches gemak waga

නුවන්සි January 22, 2010 at 5:49 PM  

මම මෙහිදි සදහන් කලේ මා සිතන විදියට දිර්ඝ කාලීනව සිදු විය හැකිව තිබු හා සිදු වෙයැයි සිතිය හැකි දේයි.
මැතිවරණ කාලයකදි ඝාතන පහරදීම් පැහැර ගැනීම් තාවකාලීකයි
අනික එවා ගැන එක පැත්තකට පමනක් ඇගිලි දික් කිරිමත් සුදුසු නැහැ.
මගේ වයස හා සැසදිමෙදිත් පසුගීය අවුරුදු 30 ක කාලයක සිදු වු දේත්
මිට අවුරුදු 4ක් ඇතුලත සිදු වු දෙත් අනුවයි මෙ අදහස මා ප්‍රකාශ කලේ
77, 80, 83 හා 88-89 කාලයන් එයට උදාහරණයි.
වැරදිම හොයනවාට වඩා තමන්ගේ මතයම හරි යැයි පෙන්විමට උත්සහ කරනවාට වඩා හිතුවොත් එ ගැන වැටහෙවි.
කොහොමත් මෙ වගේ දෙවල් තම තම නැණ පමනින් දැන ගත යුතු දෙවල් මිස කොටලා දිය කරලා පොවන්න බැ

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP