සෝමේ අයියාගේ අලි මිනිස් ගැටුම හෙවත් බිංදු ගෙන් මට ලැබුණු පාඩම

>> Thursday, July 16, 2009

මොකද්ද දන්නවද මම මෙ කියන්න හදන්නේ, මෙ කියන්න හැදුවෙ සෝමේ අයියගෙයි රේණු අක්කගෙයි අලුත්ම චිත්‍රපටිය සැදීමෙදි සිදුවු සිදුවිමක් ගැනයි.

චිත්‍රපටියේ නම තමයි බිංදු.

ඔන්න ඉන්නවා වැඩ කාරයෝ දෙන්නා

මෙ චිත්‍රපටිය මිට මාස කිහිපයකට කලින් තමයි රුගත කරන්න පටන් ගත්තේ, (ඡනවාරියේ විතර) සීගිරියේ අ‍වට තමයි ‍Locations විදියට තොරාගත්තේ.

ඉතින් මෙයට පාදක කරගෙන තියෙන්නේ අපේ රටෙ බහුලවම ඇතිවෙන මෙ අලි මිනිස් ගැටුමයි.

අනේ එයාලව අරන් යන්න එපා

මෙහිදි කතා නායකයා වෙන්නේ බිංදු කියන අලි පැ‍ටවෙක්. එයා වටා ගෙතුනු ලස්සන කතාවක් තමයි මෙ බිංදු කියන්නේ.
ඉතින් හැබයි මම මෙතනදි මෙහි කතාව නම් කීමට උත්සහ දරන්නේ නැ. මොකද එක ඔයාලා බලලම තමයි දැන කියා ගන්න ඔනි. රෙණු අක්කා නම් කිවුවේ ලබන මාසේ (අගොස්තු)වෙන කොට තිරගත කල හැකි බවයි.

තියෙන දාංගලේට තව ඩිංගෙන් පොඩිවුන් දෙන්නත් ඡබොස් තමයි

මම මෙතනදි කියන්න හදන්නේ රුපගත කිරීම් වලදි දකින්නට ලැබුනු දුර්ලභ සිදු විමක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි.



මෙහි බිංදු කියන චරිතයට පණ පොවන කුඩා ඇත් පැටවා ලබා ගැනිමට සොමෙ අයියලාට සැහෙන වෙහෙසක් දරන්න සිදු වුනා කිවුවොත් නිවැරදියි. එ දවස් වල එයාලට තිබුනු ලොකුම හිසරදෙත් එකමයි. එහෙට දුවනවා මෙහෙට දුවනවා අලි පැටව් හොයන්න. මොකද පින්නවලින් වත් මෙවැනි කාර්්‍යන් සදහා අලි ඇතුන් ලබා දෙන්නේ නැති නිසා.

ඔය තුට්ටු දෙකේ අලි සෙල්ලම් චිත්‍රපටි වලට නම් ඉතින් දෙහිවල සත්තු වත්තේනුත් සතුන් ගන්න පු‍ළුවනි. ඒත් මෙවැනි නිර්මාන සදහා එසේ කිරිම ප්‍රමානවත් නැති බව ඔබට තෙරෙනවානේ.

ඉතින් මෙ බිංදු චරිතයට සුදුසු කුඩා ඇත් පැටවෙකු සොයා ගත හැකි වුනේ තිස්සමහාරාමය පැත්තෙනුයි. එයාගේ නම වු‍නේ කණ්ඩුල යි. මෙයාට ඉතින් පුදුම දාංගලයක් තමයි තියෙන්නේ. එ වගේම හකුරු කන්න හරිම පෙරෙතයි. ඉතින් පොඩි හකුරු කැල්ලක් දිලා නටන්න කීවම ඔලුව හොලවා හොලවා නටනවා. පොඩි හකුරු කැල්ලක් දුන්නම පොඩ්ඩක් නටනවා. ටිකක් ලොකු කැල්ලක් දුන්නම ගොඩක් නටනවා. දන්නවනේ ඉතින් ළමයින්ගේ වැඩ මෙත් එවගේම තමයි හොදට තෙරෙනවා.

මෙන්න හකුරු ඉල්ලනවෝ

ඉතින් එත් එක්කම තව ඇතින්නකුයි අලියෙකුත් ඔනි වුනා. ඉතින් එයාලවත් හොයා ගෙන වැඩෙ පටන් ගත්තා කියමුකෝ. (මෙකට යොදා ගත්තේ වෙන තැනක පෙරහැරෙ යන අලි සීතා සහ සාලිය).

එහි එක රුප රාමුවක් තියෙනවා අලින්ට වෙඩි දමා එලවා දමන අවස්ථාවක්. මෙහිදි අලි අමාරුවක වැටෙන්නට කණ්ඩායමට සිදුවුනා. එ තමයි මෙම අලි, පෙරහැරේ යන අලි නිසා වෙඩි සද්ද වලට බය නැති විම. ඉතින් මෙ රුප රාමුව ගැනිමට සැහෙන වෙහෙසක් දරන්න සිදු වුනා. එත් සාර්ථක නම් වුනේ නැහැ‍.

අන්තිමට පොඩි උපායක් යොදා වැඩේ සිදු කරන්න වුනා. එක හරිම සංවෙදි අවස්ථාවක් වුනා.

ඔයාල දන්නවද ඇත් රැළක එක ඇතින්නකට පැටවෙකු ලැබුනම මුළු රැළේම ඇතින්නියන්ට කිරි එරෙන කතාව. ඔයාල හිතන්නේ මොකද්ද එක ඇත්තක්ද? නැත්නම් නිකම්ම නිකම් කතාවක්ද?

ඇත්තටම එක සත්‍යක්. මෙ ඇතින්නගේ නම සීතා මෙයා ඇත්තටම මෙ බිංදු හෙවත් කණ්ඩුලට ආදරය කරන්න පටන් ගත්තා.

ඔං නැන්දේ ඔයත් කන්න කො එහෙනං

අන්තිමට ආදරය තමයි සොමෙ අයියට ඇමක් විදියට යොදා ගන්නත් සිද්ද වුනේ. එ කියන්නේ අලියා වෙඩි දාන කොට දුවන එක පෙන්වන්න කලේ බිංදු එහාට මෙහාට රැගෙන යාමයි. ඉතින් මෙ සීතා බිංදුට තියෙන ආදරෙට බිංදු ලගින් හෙලවෙන්නෙවත් නැති නිසා බිංදු යන යන තැන පස්සෙන් එනවා. ඉතින් බිංදුව මග හැරලා සීතාව විතරක් රුපගත කර ගන්න හැකිවුනා.

අපේ මනුස්ස අම්මලා තමන්ගේ දරුවන් ඉපදිච්ච ගමන් අකුල් අස්සේ දාලා, එහෙම නැත්නම් මරලා දාලා යන කොට මෙ තිරිසන් සත්තු කිසිදා නොදුටු අනුන්ගේ ළමයින්ටත් තමන්ගේ වගේ ආදරය කරුණාව දක්වන හැටි ආරක්ෂා කරන හැටි දැක්කම හරිම පුදුම හිතෙනවා. මහා ලොකු දෙවල් ගැන කථා කරන අපිට දැන් සිදු වෙලා තියෙන්නේ තිරිසන් සතුන්ගෙන් මනුස්සකම ඉගෙන ගන්නයි.

9 ප්‍රතිචාර:

චමිදේවා July 17, 2009 at 8:12 AM  

බලමු බලමු අපුවාම.....

budhajeewa July 17, 2009 at 9:15 AM  

මම එය චිත්‍රපටිය නං බලන්නෙ නෑ, ඒක සහතිකයි. නමුත්, මෙතන විස්තර කෙරී ඇති සිද්ධිය ඉතාම.. අනේ මන්‍ද මොකක්ද හරියන වචනේ.. ඉතාම දුක්ඛදායක එකක්.

මට සාධාරණ සැකයක් තියනවා ඔය චිත්‍රපටිය නිසා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා අලි මිනිස් ගැටඹ යම් යහපත් මානයකට යයිද කියල.

නැත්නම් හැමදාම වගේ පොඩිඋන්ටිකක් ඔක බලල, "හානේ, හලි තෝයි පිල්ම් එක" කිය කියා යාවි.

නුවන්සි July 17, 2009 at 12:06 PM  

@ චමි.දේ.වා.,
අනිවාර්යෙන්ම බලන්න. මොකද මෙවැනි මාතෘකාවක් ගැන කථා කරන පළවෙනි අවස්ථාව
ඉතින් එක ලත් තැනම ලොප් වුනොත්
හැමොම හරසුන් නිර්මාන වලට පෙලබෙන්න ගනිවි.

@ Supun Budhajeewa,

බලන නොබලන එක තමන්ගෙ පෞදිගලික කාරනයක් නෙ එකට මට මුකුත් කියන්න බැ
එත් මෙ...
" මෙතන විස්තර කෙරී ඇති සිද්ධිය ඉතාම.. අනේ මන්‍ද මොකක්ද හරියන වචනේ.. ඉතාම දුක්ඛදායක එකක්."
මෙ ගැන නම් ටිකක් අපහැදිලියි. කටවත් කරදරයක් නම් වුනෙ නැ දුක් වෙන්න තරම්.
මම හිතන්නෙ කියන්න උත්සහ කෙරුවෙ සංවෙදි වෙලාවක මතුවෙන හැගිම්බර අත්දැකිම ගැන වෙන්න ඔනි.
අලි මිනිස් ගැටුම ගැන ඉතාමත් ගැඹුරින් හිතන්න ඔනි දෙයක්.
මිනිස්සුන්ගෙ නෙක ක්‍රියා නිසා තමයි අලි හැම මිනිසෙක් දිහාම වැරදියට බලන්නෙ.
එයාලට හිත්න්න බැ අපිට හිතන්න පුළුවනි. එත් සීත කාමර වලට වෙලා නම් ප්‍රශ්න විසදන්න බැහැ

budhajeewa July 17, 2009 at 12:10 PM  

[said:නුවන්සි]
මම හිතන්නෙ කියන්න උත්සහ කෙරුවෙ සංවෙදි වෙලාවක මතුවෙන හැගිම්බර අත්දැකිම ගැන වෙන්න ඔනි.
[said]
අන්න හරි. ඒක තමයි කියන්න ඕන වෙලා තිබ්බේ.

@නුවන්සි:
ඔවුන්ගේ ප්‍රදේශ අල්ලාගෙන අලින්ට යන එන මං නැති කිරීම සම්බන්‍ධව මිනිසුන් වැරදියි තමයි. නමුත්, දෙගොල්ලන්ටම හානියක් නොවෙන්නට විධි විධාන සැලසිය යුතුයි.

නුවන්සි July 17, 2009 at 12:17 PM  

@ Supun,

"දෙගොල්ලන්ටම හානියක් නොවෙන්නට විධි විධාන සැලසිය යුතුයි"

එක තමයි මට හිතුනෙත් සීත කාමර වලට වෙලා සැලසුම් ක්‍රියා කරවන අයට එ මිනිසුන් විදින දුක පෙනෙන්නෙ නැනෙ

Deeps July 17, 2009 at 9:48 PM  

සංවේදී කතාවක්...

NUWAN July 18, 2009 at 1:27 PM  

සතුනුත් මනුස්සයො වගේම තමා.ආදරය කරුනාව තියෙන කොට කාටවත් වරදක් කරදරයක් කරන්නේ නෑ.ගුණයහපත්.මනුස්ස සමාජෙත් ගොඩාක් වෑරදි,ක්‍රියාවලට යොමු උන පුද්ගලයො ගත්තොත් පොඩි කාලෙම ලෑබිය යුතු වෑදගත්ම දේ ආදරය නොලෑබුන අය.අලි කියන්නේ මන් අහල තියෙන විදියට ඉතාම සංවේදි ,ඒ වගේම බුද්ධිමත් සත්ව කොටසක්.ඌට මොනව හරි හින්සාවක් කරදරයක් කලොත් ඒ සිදුවීම මතකයෙ තියා ගෙන පසුව හෝ පලිගන්න බව මේ පෑත්තේ මිනිස්සු කියනවා.මේ ලගදිත් එවෑනි සිදුවීමක් සිදු උනා. අලියකුට වෙඩි තබපු පුද්ගලයකු සොයාගෙන ඈවිත් තවත් පුද්ගලයන් කීප දෙනෙක්ම සිටියත් අර කලින් පුද්ගලයාම සොයා මරා දෑම්මා.මෙහේ උඩපෑලක සිටිද්දි පහලින් ඉන්න අලියකුගේ ඈගට මුත්‍රා කලොත් තරම් කෝප වෙන ක්‍රියාවක් තවත් නෑතිලු.පුලුවන්නම් ගහ ගලවල හරි පලි ගන්නවාලු.

නුවන්සි July 19, 2009 at 3:44 PM  

@ deeps,
හ්ම්.. තවත් සංවෙදි තැන් තිබුනා. මෙ එකක් විතරයි.

@ Nuwan's Lane,
සහතික ඇත්ත නුවන්. එයාලට හොද මතකයක් තියෙනවා. වරක් ඔය ඡෝ අබේවික්‍රම මහත්තය ගමෙ ඉන්න කාලේ හිටපු අලියෙක් අවුරුදු ගාන කට පසුව රත්නපුර සමන් දෙවාලේ පෙරහැර කරන කොට හමුවුන වෙලාවෙ අදුර ගත්තා නෙවැ.

මුත්‍රා කථාව නම් අහල නැ. එත් බලන්නකෝ එ වගේ වැඩකට අපි වුනත් කැමති වෙයිද එකෙන්ම පෙනවා මෙයාල මොන තරම් බුද්ධිමත් සත්ව කොට්ඨාශයක්ද කියලා.

දුකා July 30, 2009 at 3:46 PM  

ඔයාගේ ලිපියේ තියෙන විශේෂත්වය මොකද්ද කියන්න තේරෙන්නේ නෑ . . .ඒ උනාට ලිපිය බැලුවාම ඇසට කඳුලක් ආවා. . . ලස්සනට ලියල තියෙනවා . . .මම හිතන්නේ දුක හිතෙන විදිහට ලියල තියෙනවා කිව්වොත් හරි . . .

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP