SSD Drives ගැන ටිකක් කෙටියෙන්

>> Friday, February 19, 2010

2007 ලාස් වෙගාස් වල CES ප්‍රදර්ශනයෙදි එළි දක්වපු SSD හෙවත් Solid State Drive එක එදා ඉතාමත් මිල අධික , ඉතා අඩු දාරිතාවයකින් වගේම ‍පර්යේෂන මට්ටමෙ පැවති එකක් එත් එය අද වෙනවිට සාමන්‍ය ඡනතාවටත් දැරිය හැකි මුදලට ලබා ගැනිමට හැකි තරම්ම දියුනුවට පත්වි ඇත.

මොකද්ද මෙ SSD හෙවත් Solid State Drive කියන්නේ

සරලවම පැවසුවොත් මෙතුවක් කල් අපි පාවිච්චි කල දෘඩ තැටියන් සියල්ල ම පාහේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන එවායි.
එහෙත් මෙම SSD Drive තනිකරම ඉලෙක්ටොනික මෙවලමක් යැයි පැවසුවොත් නිවැරදිය.
Solid State කියන්නේ ඉලෙක්ටොනික පදයක් එ කියන්නේ අර්ධ සන්නායකයෙන් ඉවත් වු ඉලෙක්ට්‍රොනික පද්ධතියක්. දැනට අපි භාවිතා කරන සියළුම ඉලෙක්ට්‍රොනික උපාංගයන් සාදන්නේ මෙ‍ම අර්ධ සන්නායකයන් මගිනි.

ඇත්තටම මෙය සාමාන්‍ය ප්ලැෂ් ඩුයිව් එකක් වගේම විදුලිය නොමැති විට නොමැකෙන මතකයක් ඇති උපාංගයකි (Non Volatile memory chips) මෙය සාමාන්‍ය ප්ලැෂ් ඩුයිව් එකකට වඩා වෙනස් වන්නේ,
ප්ලැෂ් ඩුයිව් එකක් අපි භාවිතා කරන්නේ පරිගණකයෙන් පිටතින් සවිකිරිමටයි.
නමුත් SSD එකක් සාමාන්‍ය දෘඩ තැටියක් මෙන්ම පරිගණකයක් ඇතුලතින් පුධාන ගබඩාව ලෙස භාවිත කිරිමෙ හැකියාවයි.

මෙහි සාමාන්‍ය දෘඩ තැටයකට වඩා පිටත කිසි වෙනසක් නැහැ.
එ කියන්නේ මෙය 1.8, 2.5, හා 3.5-inch දෘඩ තැටි ලෙසම පැවතිමයි. එලෙසම මෙය ATA හා S-ATA මුහුනත ලෙසම පැවතිමයි.
මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ මෙහි කිසිම සෙලවෙන උපාංගයක් නොමැති විමයි. (යාන්ත්‍රික)
මතකයන් රදවා ගැනිමට උපකාරි කරගන්නේ Flash Memory චිප්ස්ය.
එමගින් පද්ධතියට අඩු විදුලි ධාරාවක් යටතේ වැඩ කිරිමෙ හැකියා ලැබෙනවා. (විදුලිය අරපිරිමැස්ම). මොකද දෘඩ තැටියක පැලැටස් කැරකැවිමට හා ඩුයිව් හෙඩ් එක එහා මෙහා කිරිමට විදුලි මොටරයකට ශක්තිය වැය කිරිමට අවශ්‍ය නොවිමයි. (සාමාන්‍ය ක්‍රමයෙද් මෙවා කිරිමට විදුලිය වැය වෙනවා)

මෙමගින් ඉක්මන් කියවිමෙ හා ලිවිමෙ හැකියාවක් ද ලැබෙනවා. දත්ත ලිවිමට හො කියවිමට මුලදි නම් දෘඩ තැටියක පැලැටස් කැරකැවිමට හා ඩුයිව් හෙඩ් එක එහා මෙහා කිරිමට සිදුවෙනවා. නමුත් මෙහිද එවා කිසිවක් අවශ්‍ය නැති නිසා කෙලින්ම අවශ්‍ය දත්තය ලබා ගත හැකිය. එය සාමන්‍ය වින්ඩොස් xp පරිගණකයක් ක්‍රියාත්මක විමෙ කාලය 20%කින් ඉහළ දැමිමක්.

එවගෙම දත්ත සම්බන්ධව ඇති විශ්වාසයද ඉහලය. දත්ත විනාශ විමෙ හැකියාව ඉතා අඩුය. මොකද මෙහි සෙලවෙන අවයව කිසිවක් නැති නිසාත් දත්ත රදවා ඇති ප්ලැටස් සිරිමකට ලක් විම් ආදිය සිදු නොවන නිසාත්ය. මෙහිදි තැටිය සෙලවිම් වලට ලක් විම ගැන තවදුරටත් වද විය යුතු නැති කරුනකි.

මෙතරම් වාසි තිබිලත් ඇයි අපි තාමත් මෙ SSD Drives භාවිතයට නොගන්නේ
එකට හෙතු කිහිපයක්ම තියෙනවා
දැනට අපිට මෙවා ගන්න තියෙන තැන් නැති තරම්, අන්තර්ඡාලයෙන් ගෙවා ගෙන්වා ගැනිමට නම් හැකිය.
එ වගෙම මෙහි මිලත් ඉට බලපානවා  Intel X25-V 40GB යන වර්ගයේ එකක් ඩොලර් 135 සිට 170 දක්වා මිල ගනන් යටතේ වෙනවා.
එ වගේම තමයි මෙහි දාරිතාවයත් තවමත් දියුනු වෙමිනුයි තමයි පසුවෙන්නේ මොකද මුලින්‍ම මෙවා ආවේ 64GB, 32GB ‍ලෙසයි.
නමුත් දැන් නම් එය 160GB දක්වාත් තියෙනවා. ( Intel X25-M 160GB )

ඔබටත් පුළුවනි දැන් මෙ SSD Drive එකක් මිලදි ගෙන මෙ වාසි අත්විදින්න.

6 ප්‍රතිචාර:

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) February 19, 2010 at 3:24 PM  

මේක නිකන් ලොකූ පෙන් ඩ්‍රයිව් එකක් වගේ වෙන්නැති නේද??

laptop වලටනම් මරු :)

ශාකුන්තල | Shaakunthala February 19, 2010 at 4:01 PM  

හැම දේකම මොකක් හරි අඩුපාඩුවකුත් තියෙනව වගේ... :-|

සුදර්ශන February 19, 2010 at 7:25 PM  

අපි තව ටිකක් ඉවසමු. ඉවසීමෙන් සැනසීම ලැබෙයි. ඕව දියුණු වෙයි තව.

NUWAN February 20, 2010 at 3:50 PM  

ස්තුතියි තොරතුරු වලට.කෝ .කොම් වෙලා නෑනේ මචන්

SRINIRANJANA February 20, 2010 at 6:46 PM  

thank you

නුවන්සි February 22, 2010 at 10:50 AM  

@ඉශාන්,
පෙන් ඩ්‍රයිව් එකක ක්‍රියාකාරිත්වය වුනාට පෙනුමෙන් සාමාන්‍ය දෘඩ තැටියක් වගෙමයි. එකම දෙ සද්දෙ නැ බර නැ.

@ශාකුන්තල, සුදර්ශන,
එකනේ වැඩේ කියන්නේ තව කල් යනකොට හරි යයි ඔවා ඔහොම තමයිනේ.

@නුවන්,
අනේ නුවන් දන්නැද්ද මෙ ‍වැඩ නිසා එකට අත ගහන්න වෙලාවක් නැ සිම්පල් වගේ වුනාට අලයක් ආවොත් වැඩේ ගොඩ ගන්න ටිකක් කාලය ඕනිනේ.
දැන් පෙනනේ නැද්ද ඉන්දරේ වගේම ශාකුන්තලටත් වෙලා තියෙන දෙ හැකිං කියයි සපෑමින් කියයි රටෙ නැති දෙවල්නේ.

Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP