මහාචා‍ර්ය සුනිල් ආරියරත්නයන්ට සුභ උපන්දිනයක් වේවා.

>> Tuesday, July 28, 2009

අද මහාචා‍ර්ය සුනිල් ආරියරත්නයන්ගේ උපන්දිනයයි.
වයස කියන එක හරි නැනේ එක නිසා නොකියා ඉන්නම් නෙද? ඕං අද පොඩි සාදයක් එහෙමත් තිබුනා. ඔහුට සුභ පතන්න. කට්ටියම එතනට සෙටිවෙලා ඉන්නේ

ඕං එහෙනං මාත් සුභ පතන්නම් මගේ බ්ලොග් අඩවියේ මෙන්න මෙහෙම,

සිංහළ සිනමාවට තව තවත් හොද නිර්මාණ කරන්නට,
සිංහළ ගීත සාහිත්‍යට තව තවත් අරුත් බර ගීත දායාද කරන්නට,
සිංහළ සාහිත්‍යට තව තවත් හොද පොත් ලියා පල කරන්නට,
එ වගේම මෙ රටෙ දස දහසක් දුවා දරුවන්ගේ ඇස් පාදන්නට,

එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා.

Read more...

සෝමේ අයියාගේ අලි මිනිස් ගැටුම හෙවත් බිංදු ගෙන් මට ලැබුණු පාඩම

>> Thursday, July 16, 2009

මොකද්ද දන්නවද මම මෙ කියන්න හදන්නේ, මෙ කියන්න හැදුවෙ සෝමේ අයියගෙයි රේණු අක්කගෙයි අලුත්ම චිත්‍රපටිය සැදීමෙදි සිදුවු සිදුවිමක් ගැනයි.

චිත්‍රපටියේ නම තමයි බිංදු.

ඔන්න ඉන්නවා වැඩ කාරයෝ දෙන්නා

මෙ චිත්‍රපටිය මිට මාස කිහිපයකට කලින් තමයි රුගත කරන්න පටන් ගත්තේ, (ඡනවාරියේ විතර) සීගිරියේ අ‍වට තමයි ‍Locations විදියට තොරාගත්තේ.

ඉතින් මෙයට පාදක කරගෙන තියෙන්නේ අපේ රටෙ බහුලවම ඇතිවෙන මෙ අලි මිනිස් ගැටුමයි.

අනේ එයාලව අරන් යන්න එපා

මෙහිදි කතා නායකයා වෙන්නේ බිංදු කියන අලි පැ‍ටවෙක්. එයා වටා ගෙතුනු ලස්සන කතාවක් තමයි මෙ බිංදු කියන්නේ.
ඉතින් හැබයි මම මෙතනදි මෙහි කතාව නම් කීමට උත්සහ දරන්නේ නැ. මොකද එක ඔයාලා බලලම තමයි දැන කියා ගන්න ඔනි. රෙණු අක්කා නම් කිවුවේ ලබන මාසේ (අගොස්තු)වෙන කොට තිරගත කල හැකි බවයි.

තියෙන දාංගලේට තව ඩිංගෙන් පොඩිවුන් දෙන්නත් ඡබොස් තමයි

මම මෙතනදි කියන්න හදන්නේ රුපගත කිරීම් වලදි දකින්නට ලැබුනු දුර්ලභ සිදු විමක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි.



මෙහි බිංදු කියන චරිතයට පණ පොවන කුඩා ඇත් පැටවා ලබා ගැනිමට සොමෙ අයියලාට සැහෙන වෙහෙසක් දරන්න සිදු වුනා කිවුවොත් නිවැරදියි. එ දවස් වල එයාලට තිබුනු ලොකුම හිසරදෙත් එකමයි. එහෙට දුවනවා මෙහෙට දුවනවා අලි පැටව් හොයන්න. මොකද පින්නවලින් වත් මෙවැනි කාර්්‍යන් සදහා අලි ඇතුන් ලබා දෙන්නේ නැති නිසා.

ඔය තුට්ටු දෙකේ අලි සෙල්ලම් චිත්‍රපටි වලට නම් ඉතින් දෙහිවල සත්තු වත්තේනුත් සතුන් ගන්න පු‍ළුවනි. ඒත් මෙවැනි නිර්මාන සදහා එසේ කිරිම ප්‍රමානවත් නැති බව ඔබට තෙරෙනවානේ.

ඉතින් මෙ බිංදු චරිතයට සුදුසු කුඩා ඇත් පැටවෙකු සොයා ගත හැකි වුනේ තිස්සමහාරාමය පැත්තෙනුයි. එයාගේ නම වු‍නේ කණ්ඩුල යි. මෙයාට ඉතින් පුදුම දාංගලයක් තමයි තියෙන්නේ. එ වගේම හකුරු කන්න හරිම පෙරෙතයි. ඉතින් පොඩි හකුරු කැල්ලක් දිලා නටන්න කීවම ඔලුව හොලවා හොලවා නටනවා. පොඩි හකුරු කැල්ලක් දුන්නම පොඩ්ඩක් නටනවා. ටිකක් ලොකු කැල්ලක් දුන්නම ගොඩක් නටනවා. දන්නවනේ ඉතින් ළමයින්ගේ වැඩ මෙත් එවගේම තමයි හොදට තෙරෙනවා.

මෙන්න හකුරු ඉල්ලනවෝ

ඉතින් එත් එක්කම තව ඇතින්නකුයි අලියෙකුත් ඔනි වුනා. ඉතින් එයාලවත් හොයා ගෙන වැඩෙ පටන් ගත්තා කියමුකෝ. (මෙකට යොදා ගත්තේ වෙන තැනක පෙරහැරෙ යන අලි සීතා සහ සාලිය).

එහි එක රුප රාමුවක් තියෙනවා අලින්ට වෙඩි දමා එලවා දමන අවස්ථාවක්. මෙහිදි අලි අමාරුවක වැටෙන්නට කණ්ඩායමට සිදුවුනා. එ තමයි මෙම අලි, පෙරහැරේ යන අලි නිසා වෙඩි සද්ද වලට බය නැති විම. ඉතින් මෙ රුප රාමුව ගැනිමට සැහෙන වෙහෙසක් දරන්න සිදු වුනා. එත් සාර්ථක නම් වුනේ නැහැ‍.

අන්තිමට පොඩි උපායක් යොදා වැඩේ සිදු කරන්න වුනා. එක හරිම සංවෙදි අවස්ථාවක් වුනා.

ඔයාල දන්නවද ඇත් රැළක එක ඇතින්නකට පැටවෙකු ලැබුනම මුළු රැළේම ඇතින්නියන්ට කිරි එරෙන කතාව. ඔයාල හිතන්නේ මොකද්ද එක ඇත්තක්ද? නැත්නම් නිකම්ම නිකම් කතාවක්ද?

ඇත්තටම එක සත්‍යක්. මෙ ඇතින්නගේ නම සීතා මෙයා ඇත්තටම මෙ බිංදු හෙවත් කණ්ඩුලට ආදරය කරන්න පටන් ගත්තා.

ඔං නැන්දේ ඔයත් කන්න කො එහෙනං

අන්තිමට ආදරය තමයි සොමෙ අයියට ඇමක් විදියට යොදා ගන්නත් සිද්ද වුනේ. එ කියන්නේ අලියා වෙඩි දාන කොට දුවන එක පෙන්වන්න කලේ බිංදු එහාට මෙහාට රැගෙන යාමයි. ඉතින් මෙ සීතා බිංදුට තියෙන ආදරෙට බිංදු ලගින් හෙලවෙන්නෙවත් නැති නිසා බිංදු යන යන තැන පස්සෙන් එනවා. ඉතින් බිංදුව මග හැරලා සීතාව විතරක් රුපගත කර ගන්න හැකිවුනා.

අපේ මනුස්ස අම්මලා තමන්ගේ දරුවන් ඉපදිච්ච ගමන් අකුල් අස්සේ දාලා, එහෙම නැත්නම් මරලා දාලා යන කොට මෙ තිරිසන් සත්තු කිසිදා නොදුටු අනුන්ගේ ළමයින්ටත් තමන්ගේ වගේ ආදරය කරුණාව දක්වන හැටි ආරක්ෂා කරන හැටි දැක්කම හරිම පුදුම හිතෙනවා. මහා ලොකු දෙවල් ගැන කථා කරන අපිට දැන් සිදු වෙලා තියෙන්නේ තිරිසන් සතුන්ගෙන් මනුස්සකම ඉගෙන ගන්නයි.

Read more...

‍මගේ අලුත් බයිසිකලේ Yamaha FZ - 16

>> Friday, July 10, 2009

ඕං ටික දවසකට පස්සේ ආයේ වැඩට බැස්සා, පහුගිය ටිකේ සැරට වැඩ වැටුනා එකයි මෙ පැත්තේ එන්න ලැබුනේ නැත්තේ.
ඕං ඉතින් මං ආයි ආ‍ව ඇවිත් යන්න

එකයැ වැඩේ පහුගිය දොහේ මං ගත්තා නෙවැ මාර භාණ්ඩයක්.

හික්. භාණ්ඩයක් කිව්වට මොකැ මෙකා අඡානීය අස්පයෙක් නෙවැ.
මොකැදැ දන්නවද නම

Yamaha FZ 16




තාම ඉතින් ලියාපදිංචි කරලත් නැහැ. මටත් ඉතින් ලයිසොනුත් නැති එකේ වැඩිය දුරකට යන්නත් බැරි වුනා තාම, පන්සලට තමයි මුලින්ම ගොහින් ආවේ. මෙක ඉතින් මගේ පළවෙනි එක නොවෙයි එත් පුදුමාකාර ආසාවකින් ගත්ත එකම එක කිවොත් නිවැරදියි.

කාලයක් තිස්සේ තිබුන හිනයක් නොවැ මෙක එකයි අරං දැම්මෙ මෙකාව
ඔයාලටත් මෙහෙම හිනයක් තිබුනද බලන්නකෝ එහෙනං

රෙසිං සයිකල් වගේ පෙනුමක් තියෙන්නත් ඕ‍නි.
හැබැයි පුතෝ ඉන්දන අරපිරිමැස්මකුත් තියෙන්ට ඕනි.
සාක්කුවට වැඩිය අමාරුවක් නැති වෙන්ටත් ඕනි.
ගෙවන මුදලට අලුත්ම නැති වුනත් අලුත් වගේවත් පෙන්න ඕනි.

මෙ සයිකල් පොඡ්ඡත් මෙවාට අනුගත වෙනවා නෙවැ එකයි මයේ හිත ගියේ.‍
දැනට තියෙන සයිකල් දිහැ බැලුවම මෙකා පුදුමාකාර ලස්සනක් නෙවැ තියෙන්නේ.
රෙසිං සයිකල් ‍වගේ වටෙටම පුරවලා නැතිවා. එ කියන්නේ මෙකා Cruise වර්ගයේ naked model එකක්.
වැරදියට ගන්න එපා මෙ කියන්නේ මෙකේ අර වෛවාරණ ඇදුම් අන්දවා නැති නිසා නෙවැ.
එ වගේම කුරුස් කියන්නේ ඉතින් ඔය රෙසිං වගේ පෙනුම තිබුනට එවගේම ගති ගුන නැ. එ කියන්නේ ඔය pick up එක වගේ දෙවල්.
මෙං බලන්නකො එහෙනං වැඩෙ හැටි,



* FZ16’s air cooled, 2 Valve,153cc engine එකක් තමයි තියෙන්නේ 5-speed tranmission සමගින්.

* To give a sense of volume to the machine, an external diameter of 35mm is adopted in a two-layer type exhaust to minimize the effect of heat on the pipe. The layout features a large-volume primary character on the underside of the crankcase. The muffler is an irregular shaped tapered type mid-ship muffler. දුම් බටෙ ගැනනේ මෙ කියන්නේ, සද්දෙත් අඩු කරන ගමන් රත් විමත් අඩුයි මෙකේ.


* FZ16 is neither oil cooled nor fuel injected (FI) yet it breathes through negative pressure type carburetor. දුව සිසිලන පද්ධතියක් තමයි මෙකේතියෙන්නේ

* FZ16 pumps out 14PS of peak power and 14Nm of Peak torque. The peak torque comes at a lower rpm of 6000rpm.
Yamaha says the peak torque of FZ16 is unprecendented. ඇංඡිමෙ බලය ගැනනේ ඔය කියන්නේ


* At the rear FZ16 gets monoshock suspension but no rear disc brake. මෙ කියන්නේ මෙහි පිටුපස ඇත්තේ එක් shock එකක් පමනයි බවයි. හරියට රෙසින් බයික් වල වගේ.




* Tubeless at the fore and aft of the FZ16 is an another nice feature. But what makes you jump to the skies. The 140-60 17R is the fattest tyre ever seen in an Indian bike. The tyre is also a radial again a first among Indian bikes. දැනට ඉන්දියන් බයික් වලින් පළලම ටයරය තියෙන්නේ මෙකේ, එ විතරක් නෙවේ එකත් ටියුබ් ලස් ( කරදර ලස්, පටලැලි ලස්, එ වගේම අතර මග හුචස් ලස්)



* Excessively colorful console.
* Full LCD Display,The meters on the FZ16 are installed in a Full Liquid Crystal Display. The speedometer, tachometer, trip meter, fuel gauge and other indicators are set in optimum position to keep the field of vision clear. Also, the engine starting signal is an example of the spirit of innovation. මෙ මිටර පද්ධතියයි මෙය තනිකරම LCD චයිනිස් බයක් වල නම් දැනට හුවමාරු වන ගියරයත් පෙන්වනවා එත් මෙකේ නම් එච්චර එ ගැන හිතලා නැ. අපිට අන්තිම ධාව‍නයේ දුර පවා මෙකෙන් බලා ගන්න පුළුවනි. ඉන්ධන ප්‍රමාණය, වගේම ඇංඡිමෙ දොෂ හගවනයද ඇතුලත්.


* fragile tank and all other plastic cosmetics. දැනට රතු, කළු හා තැඹිලි පාටින් ගන්න පුළුවනි.

mileage test 1
: 49kmpl @ near constant speed of 40 km/hr @ cold engine
the fz ran 24.4 km on measured 500ml of petrol that gives 48.8km mileage on 1litre of petrol
mileage test 2: 44kmpl @ near constant speed of 40 km/hr @ hot engine
fz bein pre run 2 about 30 kms the mileage drop is 4.6km i.e around 22.1 km / half litre
that is bout 44.2 kmpl. මෙ ඉතින් ඉන්ධන වැය විම පිළිබදවයි.

මට නං ඉතින් වැඩිය කාර්මික දැනුම නැ එත් දැනෙන විදියට නම් මට තියෙන හොදම ඉන්දියන් බයික් එක තමයි මෙ.

මොකද ඡපන් හොන්ඩා හොනට් එකක් ගන්න අඩුම තරමෙ 130 chasis එකක් උනත් රු. 400K විතර ගානක් යනවා එත් recondition නේ. (චැසි අංක 100 සිට තමයි ටිකක් හරි ඉන්දන අරපිරිමැස්මක් ඇත්තේ එකත් ඉතින් 30/kmpl) දැනට තියෙන අනිත් ඉන්දියන් බයික් ගැන ඉතින් මම කියන්න ඕනි නැනේ.
සමහර එවා දැක්කම ඉතින් බඩ දගලනවානේ.

එ අතින් මෙක Brand new නේ. මෙ මොඩල් එකේ දැනට තියෙන හොදම එක කියලයි හැමොම කිවුවෙත්.
ඕං බලන්නකො මගේ වංඩියේ හැටිත් එහෙනං















වැඩෙ තියෙන්නේ මෙ බයික් එක ගන්න ගියාම විදින්න වෙන දුක ගැනයි, මෙකට දැනට ඉල්ලුමට හරියන සැපයුමක් නැහැ මාස දෙකක් බලන් ඉදලා තමයි මාත් ගත්තේ.
එ විතරක් නෙමෙ කළුපාට නම් කොහොමත් ගන්න නැ. (ඕ‍නිම නම් කියන්න ගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්, මාත් අපරාදෙ කියන්න බැ පුදුම යුද්ධයක් තමයි ප්‍රධාන කාරයාලයත් එක්ක කලේ)

ප්‍රධාන කාරයාල‍‍යෙ ගානත් ටිකක් වැඩියි, එත් සමහර නියොඡිතයෝ තමන්ගේ ආදායම අඩු කරගෙන බයික් එක ටිකක් අඩුවට දෙනවා. එක නිසා නියොඡිතයෙක් ගාවට ගියොත් හොදයි සැලකිම අතිනුත්. ප්‍රධාන කාරයාල‍‍යෙ ඉන්නේ පිස්සෝ ටිකක් එයාලට බිස්නස් ඔනි නැ. සොබනේ විතරයි.
එ මදිවට එයාලගේම ලිසිං එක හපොයි එකේ කෙරුවාව ලියන්න වෙනම දවසක් ඕනි. එ මදිවට ගිනි ගණන්, ලොකු ලොකු වාක්‍ය අහන්නත් වෙනවා.

ඉට හොදයි. අර වගේ තැනකට යන එක. එයාලට බිස්නස් එක කරගන්න ඕනි නිසා හතර පස් සැරේ අපිට කථා කරනවා. ලිසිං අය ගෙදරටම එවනවා. ඉතින් අතන තරම් වද වෙන්න ඕනි නැ.

leasing කරනවා නම් කල්පනාවෙන් කරන්න එයාලගේම එවාට ගියාම ගාන ටිකක් සැරයි (උපදෙස් ඕනි නම් කියන්න නොමිලේ ලබා දෙන්නම් හොද තැන් වල)









මෙං පොස්ට් එක බැලුව වගේම මම බෙල්ල කඩා ගත්තම ඉස්පිරිතාලෙටත් ඇවිත් යන්න එන්න මාව බලන්න හොදේ,
එහෙ හිටියේ නැත්නම් කෙලින්ම මොචරියටම එන්න.
ෂුවර් එකටම එතන ඇති.

හිකිස්.

Read more...
Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP