පකිස්ථානයට ඡය පතමු

>> Sunday, June 21, 2009

මං ගැන වැරදියට හිතන්න එපා මෙක මගේ පෞද්ගලික අදහසක්, මම හිතන්නේ අද ක්‍රිකට් තරගයෙන් පකිස්ථානය දිනුවත් එකයි අපි දිනුවත් එකයි.

ඇයි දන්නවද එහෙම කියන්නේ අපිට අද තරගය දිනන්න අවශ්‍ය වෙන්නේ වැඩි පුරම එහේ ඉන්න අපේ ඡනතාවට කොන්ද පණ ඇතිව එහේ ඡිවත් වන්නයි.

එත් පකිස්ථානයට අද තරගය තමන්ගේ ක්‍රිකට් අනාගතයේ තිරණාත්මක තරගයක්.

ඔවුන්ගේ රටෙ දි අපේ කණ්ඩායමට සිදුවු අවසනාවන්ත ප්‍රහාරයත් එක්කම ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට කණකොකා හඬන්න ගත්තා. ලොව කිසිම රටක් ඔවුන්ගේ රටට තරගයක් සදහා යැම ප්‍රතික්ශෙප කරන තත්වයට පත්වුනා. නමුත් එය සාදාරණයි කිව හැකිය, මොකද සැම කෙනෙක්ම තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවනේ.

ඒත් එ සමගම ඔවුන්ව තමන්ගේ රටවල් සදහා ආරාධන කිරිමට කිසිම බාදාවක් නැනේ, එත් දැන් දැන් එ තත්වයටත් කණකොකා හඬමින් පවතින බවයි පෙනි යන්නේ.

ත්‍රස්තවාදය නිසා අපිත් බැට කෑ රටක් එහෙත් එවැනි අසිරු තත්වයන් හිදිද පකිස්ථානය එවගේම ඉන්දියාව සමිපතම මිතුරන් ලෙසින් අපේ රටට පැමින අපිට ලොක කුසලානය දිනා ගැනිම උදෙසා අගනා මෙහෙයක් කල බව නොකිය මනාය.

එය අපි කිසි ලෙසකින් වත් අමතක නොකල යුතුය. එය අමතක කරන්න තරම් ගුණ මකු ඡාතියක් නොවන බව අපි හොදාකාරවම දනිමු.

අද ඔවුන් මුහුන පා ඇත්තේ තම ක්‍රිකට් ඡිවිතයේ සංධිස්ථානයකට යැයි කිවොත් නිවැරදිය.
ඔවුන් අද තරගය දිනුවොත් 20 යි 20 ලොක ශුරයින් ව තමන්ගේ රටට ගෙන්වා ගැනිමට නොහැකි වන කිසිම කාරනාවක් කිසිම ර‍ටකට නැත.

එහෙත් ඔවුන් අද තරගය පැරදුනොත් ඔවුන්ව ප්‍රතික්ශෙප කිරිමට නොයෙකුත් කාරණාවන් සුදු රටවල් වලට ගෙතිය හැකිය. විශෙෂයෙන්ම ඔවුන්ට ක්‍රිකට ගහන්නත් බැරිබව ඔප්පු වි ඇති බවත් පෙන්වා දිමෙනි.

මගේ රට අද තරගයෙන් ඡයග්‍රහණය කිරිම මාගේ එකම ආශාවයි
එහෙත්,
පකිස්ථානය අද තරගය ඡයග්‍රහණය කිරිම මාගේ එකම බලාපොරොත්තුවයි.

ඔබේ අවශ්‍යතාවය මගේ අවශ්‍යතාවයට වඩා උදාරතර නම්,
මගේ අවශ්‍යතාවය මම ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් කැප කරමි.

සමා වෙන්න ලක් මවුනි
පකිස්ථානයට ඡය වේවා!

Read more...

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්.... war hero's

>> Saturday, June 20, 2009

මෙ මට ඊමෙලයකින් ආ පිංතුරයක්, ඒත් මෙහි සැගවුණු යමක් තිබෙන නිසා මගේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුනා.



මේ ලංකාවේ නැගෙනහිර, මුලතිව් ඉදිරි ආරක්ෂක සිමාවේ අවසන් ගැටුම් ඇතිවුන වෙලාවයි. ‍
මේ කිසි ලෙසකින් වත් විනාශ කළ නොහි මහා ත්‍රස්ථවාදි කණ්ඩායමක් ලෙස නම් දැරුවන්, දස දහසක් අහිංසක සිවිල් වැසියන්ගේ ඡිව්ත විනාශ කළත් තමන්ගේ ඡිවිතයද අහිමි වන ලකුණු දැක අවසන කෙසේ හෝ තම ඡිවිතය බෙරා ගැනිමෙ අටියෙන් ඔවුන් සතු අති මහත් අවි ආයුධ ගිනි ගසා ඒ ගිනි මතින් පැන යාමට දැරු ළාමක උත්සාහයේ අවසන් මොහොතයි.

අහිංසක සිවිල් ඡනතාව මිනිස් පළිහක් සේ තබා ගනිම්න් ඒ තුලින් තම ඡිවිතය ආරක්ෂා කර ගන්නට සිතු ඊනියා කොටි ත්‍රස්තයින් අවසන එ අහිංසක ඡනතාව රැදි සිටි බිමෙ මෙලෙස ගිනි අවුළුවා දැම්මෙය.

මෙ ඔබ දකින්නේ එ අවස්ථාවේ එහි සිරවු අසරණ කුඩා දරුවෙකු එ ගිනි කඳ මැදින් ආරක්ෂිතව රැගෙන එන අපගේ විරොදාර රණවිරුවෙකුගේ ඡායාරුපයයි. එ කුඩා දරුවාට පියෙකුගේ උනුසුම මෙ සෙබළාගෙන් ලැබෙන බව එ දරුවා සිටිනා නිදහස් සුවපහසු ඉරියව්වෙන්ම මොනවට පැහැදිලි වේ.

පලස්තිනයේ අහිංසක දරුවන් අකුරු කරනා පාසල් වලට සුදු ෆොස්ෆරස් නම් යුද නීතියේ තහනම් අවි වලින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරිම මානුෂීය මෙහෙයුමක් වු බටහිරයින්ට,
අප රටේ රඡයේ හමුදාව මෙවැනි අහිංසක ඡනතාවක්, කුරිරු ත්‍රස්තයින්ගේන් බෙරා ගැනිම යුද අපරාදයක් වුයේ ඇයි දැයි අපි නොදනිමු.

සියල්ල මිල මුදලට යටවු සමාඡයක මනුස්ස කම අගයන යුදහමුදාවක් කෙසේ නම් දකින්නද?

එහෙත් එ දුර්ලභ ගනයේ යුද හමුදාව අපේ රටෙ සිටිනා බව, කෑගසා ලොවට කියන්නට ඇත්නම්, මා එය කරන්නේ, එ මා වැන්නෙකුට ඔවුන් හට කළ හැකි උසස්ම උපහාරය එ මගින් හො සිදු කිරිමටය.

දයාබර හමුදා සොයුර ඔබ වැන්නවුන් ඡිවත් වන මෙ මහ පොළව මට මහා සුවයකි.
ඔබගේ ලේ දහරා, ඡිවය පුද කළේ අපි වෙනුවෙන්ම නො‍ව, ඔවුන්, අප ඇතුළු මෙ සියළු දැයේ දුවා දරුවන් වෙනුවෙනි.
අපි වෙනුවෙන් ඔබ හෙළු එ ලේ දහරාව, අවසන් සුසුම් වැල් වෙනුවෙන් ඡාති ඡාතිත් අප නුඔලාට ණය ගැතිය.
මියගියේ නුඔලා නොව, මිල මුදලට රට පාවා දුන් දෙශදොහින්මය.
ඔබ සියළු දෙනාහටම මතු පතනා බොධියකින් උතුම් වු නිර්වාණ ධාතුව අවබොධ කර ගැනිමට, රට ඡාතිය බෙරා ගත් කුසල ශක්තියම හේතු වාසනා වේවා.

Read more...

දැන් Dialog Broadband එකෙන් Rapidshare භාගත කරන්න පුළුවනි

>> Thursday, June 18, 2009

පහුගිය දවස් වල මට අන්තර්ඡාලයට යන්න බැරි වුනානේ, මොකද දන්නවද?
මගේ ඩයලොග් මොබයිල් බ්රෝඩ්බැන්ඩ් එක අක්‍රිය වෙලා තිබුනේ, ඉතින් ඔන්න මම අද තමයි මෙක සක්‍රිය කරගත්තේ (එතකං ඉතින් මං ඉන්ට නෙට්ටුව කියලා මදුරු නෙට්ටුව දාගෙන හිටියේ, දැන් ඉතින් බැලු බැලු අත අර උණ මෙ උණ හැම උණක් ම තියෙනවානේ අයියෝ)
අහගන්නකෝ එහෙනං
අපේ ඩයලොග් එකේ අක්කා මට කථා කරලා කිවුවා මෙ අද එයාලට මොන‍වදෝ සැකසුම් වගයක් කරන්න තියෙනවා කියලා.
(ආ කියන්න බැරි වුනානේ මෙ මගේ අක්කා කෙනෙක් එයා තමයි මට මෙ සබදතාවය ගන්න උදව් කලේ, ඇත්තටම මෙක එයාගේ නමට තියෙන්නේ මොකද එයා වැඩ කරන්නේ ඩයලොග් එකෙනේ, එයාලට ටිකක් අඩුවටනේ දෙන්නේ)

ඉතින් මගේ මොකෝ මාත් හාං කිවුවා, කිවුවට මොකෝ මාත් ටිකක් ගැස්සුනා වැඩෙට මොකද ඉතින් අපිටත් අත පය තියන් ඉන්න බැනේ, හැමොම කියනවට මාත් ඔය අන්ලොක් පාර කලානේ. හිකිස්.

දැන් ඉතින් කරන්න දෙයක් නැ ඔන අලයක් කියලා මාත් හිටියා,
ඕං කොලුවෙක් කථා කලා ම‍ගේ (නො)වැදගත් නොම්බරෙට. මෙන්න තියෙනව වෙච්ච සංගෙදිය.

Read more...

ඡාලගත නොවි බ්ලොග් ලියන හොදම විදිය ගැන දැන ගමු

>> Saturday, June 13, 2009

බොලොග් ලියන අය සාමාණ්‍යයෙන් කරන්නේ අන්තර්ඡාලයට සම්බණධ වි, ඉන්පසු මුර‍පද යොදා බ්ලොග් පිටුවට ඇතුලු වී ලිපිය ලියන්න පටන් ගන්න එකනේ,
එත් අන්තර්ඡාලය නැතිනම්? මාර වැඩේනේ වෙන්නේ

බොලොග් ලියන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්ණය තමයි ‍ඡාලගතව නැති වෙලාවට කොහොමද අපි ලිපියක් ලියා පලකරන්නේ? කියන ප්‍රශ්ණය.

එකට දෙන්න තියෙන එකම පිළිතුර තමයි Offline Blog Editors (OBE).

එත් මෙ OBE විශාළ සංඛ්‍යවක් තියෙන කොට කොහොමද අපි අපිට සුදුසුම එක තොරා ගන්නේ?

මෙ ගැන පොඩිපහේ විස්තරයක් කරන්න තමයි මම දැන් උත්සහ කරන්නේ

OBE මෘදුකාංග හරහා ඔබට බ්ලොග් ලියන්න, නැවත නැවත සැකසීම් කරන්න, අක්ෂර වින්‍යාශ නිවැරදි කිරිම් කිරිමට, බහුමාධ්‍ය ගොනු ඇතුල් කිරිමට, මෙන්ම ping කිරිමට, tag කිරිමට, Twitter දැනුම් දිම් කිරිමටත් පුඵවන.
සැම OBE එකක්ම පාහේ ලියන බ්ලොග් Preview කිරිමට, Text Alignment, Font Styles වෙනස් කිරිමට මෙන්ම සුරැකිම සදහාද සහය දක්වයි.

නමුත් සෑම OBE එකක්ම මෙ සෑම පහසුකමක්ම ලබාදෙන්නේ නැ එක නිසා තමන්ට වඩාත් සුදුසු එක මොකද්ද කියල තොරගන්න වෙනවා.
බලන්නකො කියවලාම තමුන්ට හොද එක මොකද්ද කියලා

Read more...

රු. 1800 කට මැලෙසියාවට යන්න කැමතිද?

>> Sunday, June 7, 2009

කැමතිදත් අහනවා නිකන් වගෙනේ නෙද?
එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි

www.airasia.com එකට ගිහින් flight එක වෙන් කර ගන්න එක විතරයි
හැබැයි ඉක්මන් කරන්න දැනටමත් booking ගොඩක් වැටිලා තියෙන්නේ,
අපායට උනත් ඉක්මනට යන්න ඕනෙනේ



මෙක අලුත් එකක්,
හදුන්වා දිම වෙනුවෙන් ටික දවසකටයි මේහෙම කරන්නේ

හැබයි මම සදහන් කලේ බදු මුදල් නැතිව, Airport Taxes සහ කොලඹ සිට ක්වාලා ලම්පුර් දක්වාත් යලිත් ක්වාලා ලම්පුර් සිට කොලඹ දක්වාත් Airasia return ticket price එකත් එක්ක ආවම නම් ඉතින්,
රැපියල් 8450 ක් විතර වෙන‍වා.

එත් බලන්නකෝ අපි මෙ නුවරට වාහනයක් කථා කරන් පොඩි ගමනක් ගිහින් එන්න යන වියදම වගෙනේ මෙ ගානත් නේද?

අපි මෙ booking එක දැන්මම කලාට මෙ flight එක ගමන් ආරම්භ කරනනේ අගොස්තු මාසයේ 15 වෙනිදා සිටයි.
එ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න, මොකද දින වෙන්කිරිමෙදි අගොස්තු මාසෙ 15 වෙනිදායින් පස්සේ දිනයක් තමයි book කරන්න ඕනි.



මෙ වම් පැත්තෙන් තියෙනේ book කරන විදිය, කරලා ම බලන්නකෝ, එයාලගේ මෙ offer එකේ අසුන් ටීක ඉවර වෙලා නම් ඉතින් ඔයාලට අසුන් ඉතිරි වෙලා තියෙන වෙන දින ගැනත් බලන්න වෙයි.


Read more...

ටක් ටික් ටුක්, කෙල්ල අනාතයි !!!!

>> Saturday, June 6, 2009

වැරදියට හිතන්න එපා,
මම මෙ දුටු දෙයක් නිසා ලියන්නේ,

මම හිතන්නේ හැමොම දැකලා තියෙනවා ඇති මෙ දවස් වල යන දැන්විමක්,

අර ටික් ටික් ටික්, ටීක් ටික් ටික්ටික්ටික් ටික් ටික්

මතකයි නෙ අර නම කිව්වාම හෙම්බිරිස්සාව මතක්වෙන දුරකතන සමාගමක වෙළද දැන්වීම.
සමහර විට මම වැරදි වෙන්න පුලුවන්,
එත් මම දුටු විදිහට නම් එහි රගපාන ගැනු ලමයා පුදුමාකාර අපහසුවකින් තමයි එ වෙළද දැන්වීමෙ රගපාන්නේ.

දැන්වීමේ හැටියට කොල්ල කෙල්ලට යමක් කියන දෙයක් පිලිඹිබු කරන්න හැදුවත්,
මෙතැන වෙන්නෙ කොල්ල ඔනැවට වඩා කෙල්ලගේ ඇගෙ යන්න හදන බවකුයි.
කොපමන අකමැති බව පෙන්නුවත් එහි ඉන්නා කොල්ලා යන්නෙම වැරදි පාරෙ බවයි මට නම් තෙරෙන්නෙ.

වෙළද දැන්විමට අවශ්‍ය නැති, එ තැනින් එහා ගිය දේයක් එතන සිදු වෙන බව හොදටම පැහදිලියි.

එක්කො මෙ කෙල්ලො තමන්ගේ කැමැත්තෙන්ම මුදලට විකිනෙනවා,
නැත්නම් නොදැනුවත්වම විකිනෙනවා,
එත් නැත්නම් ඔවුන්ව එ තත්වයට පත්කරවනවා.

ඔවුන්ව එ තත්වයට පත්කරවනවානම් එක ඉතාමත්ම බරපතල කාරණයක්.

එත් ප්‍රශ්නෙ තියෙන්නේ, එහෙම නම් ඇයි ඔවුන් එයින් මිදෙන්නෙ නැතිව එ මාර්ගයේම යන්නේ කියන එකයි.

නොයෙකුත් රූපවාහිනි ආයතන වල සිදුවෙන කාන්තා හිංසන ගැන වගෙම ජනප්‍රිය වෙන්න කෙල්ලො කරන වැඩ ගැනත් අපිට නිතර දෙවෙලෙ අසන්න දකින්න ලැබෙනව.

කෙටි ක්‍රම වලින් දියුනු වෙන්න දගලන කෙල්ලො නිසා, උගත්කම, බුද්ධිය තියෙන කාන්තාවන්ටද අද යන එන මන් නැති වෙලා.

එත් දැනට ලැජ්ජ බයට හැදෙන කාන්තාවකටවත් පාරේ බැහලා යන්න, මෙ වැනි වැඩ නවත්වන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද.

කාන්තා හා ළමා කාර්්‍යංෂ බලා ඉන්නේ කවුරැ හරි ඇවිත් පැමිනිල්ලක් දානකන්මද?
අඩුම තරමෙ

පුදුම වැඩෙ කියන්නේ අපේ රටෙ බොරැවට කැගහන කාන්තා සංවිධානත් මෙවැනි දේ සාමාණ්‍ය දේවල් හැටියට ගනන් ගැනිමයි.

ඇරත්
බස් එකේ යන බඩ දරැ අම්මට අසුනක් දෙන්නවත් හිතක් පපුවක් නැති ගැනු ඉන්න රටක ඔවත් මහ ලොකු දෙවල් ද? නේ.

Read more...

Laptop Battery Doubler මෘදුකාංගය ගැන දැන ගනිමු.

>> Wednesday, June 3, 2009

මෙ කියන්න හදන්නේ Laptop එකක් තියෙන කෙනෙකුට ටිකක් පූයෝජනවත් වෙන මෘදුකාංගයක් ගැනයි.

මෙහි නම වන්නේ Battery Doubler ය‍. මෙහි නිර්මාපකයින් වන්නේ Dachshund Software ‍ආයතනයයි.

ප්‍රධාන ලෙසම මෙයින් සිදුවන කාරණය නම්, ඔබගේ Laptop එකේ බැටරියේ දැනට පවතින ආයුකාලය ටිකක් වැඩි කර දිමයි.

Battery Doubler Main Menu



‍මෙහි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරිමට හෝ නොකිරිමට වරණයක් ඇත.

එලෙසම මෙහි ඇති Options වල Force CPU to use 99% power යනුවෙන් වරණයක් ඇත. මෙමගින් ඔබට CPU එක පාවිච්චි කරන විදුලිය අවම කර ගත හැකිය.
CPU එක 100%ක් ක්‍රියාත්මක වන විට නිතැතින්ම CPU එකේ fan එක ක්‍රියාත්මක විමට පටන්ගනි‍‍. එ සදහා වැඩි විදුලියක් වැය වෙ. 99% ක් ක්‍රියාකිරිමෙන් CPU fan ක මෙලෙස නිතැතින්ම කියානොකරයි. මෙය තේරීම මගින් වැය වන අමතර විදුලිය අවම කර ගත හැකිය.

එලෙසම Processor Cycling මගින් CPU එක භාවිත විම අවම කරන නිසා CPU එකේ උෂ්ණත්වයද අඩුකරයි.

Enble Turbo Charge මගින් ඔබට ඉතාමත් ඉක්මනට බැටරිය ආරෝපනය කර ගත හැකිය. එහෙත් මෙම වරණය තොරා ගත යුත්තේ ඔබ පරිගණකය භාවිතා නොකරන අවස්ථාවකදි පමනි. මක් නිසාද යත් මෙමගින් බැටරිය ආරෝපනය කිරිමෙදි පරිගනකය ඉතාමත් මන්දගාමී තත්වයකට පත්වේ.


මෙහි ඇති wizard මෙනුව හරහා ඔබට තවත් අත්‍යවශ්‍ය තෙරිම් කිහිපයක් ක්‍රියාත්මක කල හැකිය.

Recalibration


මෙ මගින් ඔබට බැටරියේ ආරොපන තත්වය නිවැරදිව දැනගත හැකිය. මොකද සමහර විට බැටරිය ආරොපනය කලත්, ඉතා ඉක්මනින්ම ආරොපනය අඩුවිය හැකිය. මෙවැනි වැරදි තොරතුරු Battery Doubler විසින් නිවැරදිව හදුනාගනි.



Compare Autonomy


මෙමගින් ඔබට ඔබගේ බැටරිය ආරොපනය පිළිබදව පොඩි අදහසක් ගත හැකිය‍. Battery Doubler මගින් කොපමණ ප්‍රමාණයකින් ඔබගේ බැටරිය වැඩිපුර ප්‍රයෝඡනයට ගත හැකිද, එසේ නැතිනම් ඔබ‍ගේ බැටරිය සාමාණ්‍යයෙන් ප්‍රයෝඡනයට ගත හැකි ප්‍රමාණය කොපමනද යන වග දැන ගත හැකිය.




Autonomy

මෙ මෙනුව මගින් ඔබට ඔබගේ බැටරියේ ආයුකාලය සම්බණ්ධව ඉතා වැදගත් සැකසීම් කිහිපයක් සකස් කළ හැකිය.

Maximum Autonomy

මෙ තේරීම මගින් පරිගණකයේ CPU එක භාවිත වන ප්‍රමානය අඩු කිරිම හා දෘඩ තැටිය හා තිරය සදහා අඩු විදුලියක් භාවිතා කිරිම මගින් බැටරියේ ආරොපනය වැඩි කලක් රදවා තබා ගනි. (මෙ මගින් පරිගනකය ටිකක් මන්දගාමි විය හැකිය.)

Balance

මෙ මගින් CD හා DVD තැට් ධාවක මන්දගාමි කිරිම හා දෘඩ තැටිය හැකි අවස්ථා වලදි නැවත් විම මගින් විදුලි භාවිතය අඩු කිරිම.

Maximum Performance

මෙ තේරීම මගින් Battery Doubler පරිගනකයේ වෙනස් කමක් සිදු නොකරන අතර එහෙත් හැකි සෑම විටම බැටරියේ ආයුකාලය වැඩි කිරිමට උත්සහ දරයි.


Options


මෙ මෙනු‍ව හරහා ඔබට වැඩි මනත් සැකසීම් ඔබගේ අවශ්‍යතාවය අනුව සිදුකල හැකිය.

එනමුත් මගේ තේරීම අනුව නම් මෙ සැකසීම් කළ යුත්තේ ඔබට එය අවශ්‍ය නම් පමණි. මක් නිසාද යත් එමගින් ඔබගේ පරිගනකය මන්දගාමි වන නිසාය, එය ඔබගේ කාලය හා කරන කර්තව්‍ය අනුව එ අවස්ථාවට පමනක් සිදු කල හැකි නම් හොද බවයි මගේ නම් හැගිම.

Read more...

ඔබේ සිත අනුන්ගේ කුණුකන්දල් වලින් බැද දැමිමට ඉඩ නොතබන්න.

>> Monday, June 1, 2009

මෙ මට ආපු ඊමෙල් පණිවිඩයක තිබුනු දෙයක්. එහි තිබුනු විදිහට කතාව මෙහෙමයි.

මගේ යහළුවෙක් ගමනක් යනකොට ඔහු පාර අයිනේ බැද දමා සිටි අලියෙක් දැක ඇත. එහෙත් හදිසියේම ඔහු දුටු යම්කිසි දෙයක් හෙතුවෙන් කලබලයට පත් විය.
එනම් මෙතරම් සුවිශාල ඇතෙකු බැද දමා තිබුනේ ඉතාමත් කුඩා දම්වැලකින් විමයි. "මෙතරම් විශාල ඇතෙකු කොයි මොහොතේ හෝ මෙ කුඩා දම්වැල කඩාගෙන පැමිනෙවිද,
නැතිනම් මෙ විශාල ඇතාට ඕනැම මොහොතක මෙය කඩා ගැනිමට හැකියාව තිබියදිත් කුමන හෙතුවක් නිසාද ඌ එසේ නොකරන්නේ" ඔහු ගේ සිතේ දැන් ප්‍රශ්න ගොඩයි.

මෙයින් විශ්මයට පත් ඔහු එ බව ඇත්ගොව්වාගෙන් විමසීය. ඔහු එ සදහා ලබා දුන්නේ අතීශය විශමය දනවන පිළිතුරකි.

මෙ විශාල ඇතා කුඩා කලදිද ඌව බැද දමා ඇත්තෙ මෙවැනිම වු කබයකිනි, පුංචි ඇත් පැටවා කෙතරම් උත්සහ කලත් ඌට එම කබය කඩා ගැනිමට නොහැකිය, එ බව දන්නා ඌ වැඩිහිටි වුවත් තවමත් සිතන්නේ. මෙ තියෙන්නේත් එදා තිබු කබයමයි, එ නිසා කිසිසෙත් මෙය බිදදමා පැන යා නොහැකි බවයි. එසේ සිතන ඌ කවදාවත් එය බිදදමා පැනයාමට තැත් නොකරයි.

මෙය අපටද හොද උදාහරණයක් බව මතක තබාගත යුතුය.
අපි අ‍‍පේ සිත් කෙතරම් නම් වැරදි ආකල්ප වලින් පුරවා ගෙන සිටිනවාද?
එම ආකල්ප නිසා අපි සිතන පතන දේ පවා කෙතරම් වෙනසකට බදුන් වි ඇත්ද?
තම තමන්ගේ දේශපාලන, මුල්‍යමය, හා නොයෙකුත් උවමනාවන් අපි හරහා ඉටුකරගැනිමට, කෙතරම් නම් වලි කන පිරිසක් බිහිවි ඇත්ද?
අපි අපේ බුද්ධිය පාවිච්චි නොකර, කවුරැවත් කී පලියට, කාගෙවත් උවමනාවට, කෙතරම් නම් අනුවන වැඩ සිදුකර ඇතිද?

ඒ නිසා;

අතීතයේ නොයෙකුත් හෙතු නිසා, අ‍පේ යටි සිතේ තැන්පත් වී ඇති දුර්මත ඉවත් කර ගැනිමට දැන්වත් උත්සහ කරන්න.
කාගෙවත් උවමනා එපාකම් වලට අසු නොවි, ‍තම තමන්ගේ මොළේ පාවිච්චි කර සත්‍යය හා අසත‍්‍යය වෙන් කර හදුනාගෙන, බාදා බැමි බිද දමා, යන ගමන හරියට දැනගෙන යාමට උත්සාහ වන්ත වෙමු.

Read more...
Web Analytics

හිමිකම් අවසරය

Creative Commons License
This work is licenced under a Creative Commons Licence.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP